වෛරවන් හා මාතංගි කියන්නේ එක කුස උපන් අයියයි නංගියි. පොඩි කාලේ ඉදන් එකටම හැදිල වැඩිල වෛරවාගෙ කසාදය වුණාට පස්සේ මාතංගිව ඉස්කෝලේ ගුරුවරයෙකුට බන්දල දෙනව. බැදල ගිහින් ටික දවසකින්ම අයියයි අයියගෙ බිරිදයි එනව නංගිව බලන්න. අයිය කියනව නෑනට පාලුයි නංගි ගිය දවසේ ඉදන් දෙන්නම ඇවිත් අපිත් එක්කම ගෙදර නවතින්න එන්න කියල, ඉතින් ඒ ආරාධනාව පිළිගන්න මාතංගිගෙ ස්වාමි පුරුෂයා වන ගුරුතුමා මචන් එක්කම වාසය කරන්න එයාලගෙ ගෙදරට යනව. ඔහොම ටික කාලයක් යනකොට වෛරවන්ගේ මතු පරම්පරාව අරගෙන යන්න උරුමක්කාරයෙක් ඕනෙ කියල ගමේ කට්ටියගෙ පෙරැත්තයට බාරයක් වන මාතංගි ඉල්ලන්නේ තමන්ගෙ අයියට දරුවෙක් ලබා දෙන විදියට. කොහොම වුණත් ඒ බාරය පොලියත් එක්කම ලැබුණා වගේ මාතංගිට නිවුන් දරුවන් (දුවෙක් සහ පුතෙක් ) ලැබෙන අතර වෛරවන්ට පුතෙක් ලැබෙනව. එයාල කවුරුද වෙන්න ආස කරන්නෙ අහපුවාම වෛරවන්ගෙ දරුව කියන්නෙ ගුවන් යානා ගැන ඉගෙන ගන්න ආස කරනව කියල, නමුත් මාතංගිගෙ දරුවා කියන්නෙ මාම වගේ වැරදි කරන අයට දඩුවම් දෙන කෙනෙක් වෙනව කියල. නීතියට ගරු කරන කෙනෙක් විදියට ගුරුතුමා මේකට ටිකක් අකමැති, මොකද එයා කැමති නෑ මේ ගහ මරාගන්න දේවල් වලට. කොහොමින් හරි දවසක් ළමයි සෙල්ලම් කරමින් ඉන්නකොට ඇතිවුණ රණ්ඩුවකට ළමයෙක් පස්සෙන් පන්නද්දි දුවන අතරේ මාතංගිගෙ ළමයා වගා ළිදකට වැටෙනවා. එයා පස්සෙන් දුවපු වෛරවන්ගෙ දරුවා මචාව බේරගන්න කියල ඒකට පනිනවා. කොහොමින් හරි මේක දකින මාතංගි දරුවන්ව බේරගන්න ළිදට පැන්නත්, බේරගන්න වෙන්නේ අයියගෙ දරුවා විතරයි. හිතා මතාම තමන්ගේ දරුවා කැප කරලා අයියගෙ දරුවව බේරගන්නවා. මේ සිද්ධියත් එක්ක අයියගෙ පවුලයි නංගිගෙ පවුලයි විරසක වෙනවා. ඉතින් ඊට පස්සේ අවුරුදු 15කට පස්සේ වෙන සිද්දි දාමය බලන්න