අපේ කතා නායිකාව වන වර්ජිනි ජිවත් වෙන්නෙ ප්‍රංශයෙ. ඇය තමන්ගෙම ව්‍යාපාරයක් කරමින් ජිවත් වෙන්නෙ තමන්ගෙ ළමයි දෙදෙනාත් එක්ක. මේ ව්‍යාපාරය තමයි පළඟැටි සම්බන්ධ දෙයක්. ඇය පළඟැටියන් භාවිතා කරමින් පිටි සාදනවා. සමහරක් අයට හිතෙයි මේක බොරුවක් කියලා. ඇත්තම කිව්වොත් එහෙම පිටි වර්ග තියෙනවා. මේවා ප්‍රෝටීන් බහුල දෙයක් කියලා තමයි කියන්නෙ. ඉතිං ඕන බිස්නස් එකක් වැඩි කල් තියෙන්නෙ නැහැ. බාධා එනවා. ඉතිං ඇයටත් මේ බාධාව එනවා. ඇයගෙ පළඟැටියන බෝවෙන ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙනවා. ඉතිං ඇයට තමන්ගෙ ළමයින්ටවත් කන්න බොන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නෙ. හැබැයි මැය ලද දෙයින් සතුටු වෙන්නෙ නැහැ. ඇය උත්සහ කරන්නෙම ලොකු මුදලක් ලබාගන්න. ඉතිං සමහරක් අයගේ යෝජනාවක් ඇය ප්‍රතික්ෂේප කරනවා. දවසක් ඇයගෙ අධික කෝපය නිසා මෙම පළඟැටි හරිතාගාරයෙ තියෙන භාණ්ඩ සියල්ලම වගේ විසික් කරලා දානවා. ඔය අතරේ ඇයව ලිස්සනවා. ලිස්සල ඇයගෙ ඔලුව වදිනවා. ඉතින් ලේ හැමතැනම වගේ විසිරෙනවා. ඇය ඇහැරිලා බලද්දී පළඟැටියන් ඇයගෙ ලේ බොනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ උන්ගෙ බිත්තර දැමීම ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙනවා. පස්සෙ ඇය උන්ට ලේ ලබාදීම ආරම්භ කරනවා. මං ඉතුරු ටික කියන්න යන්නෙ නැහැ.