මම ඉපදිලා හැදී වැඩුණේ ධර්මපුරි පැත්තේ පුංචි ගමක, නම කාරියමංගලම්.මගේ තාත්තා සටන් කියාදෙන කලා ගුරුවරයෙක්. ගොඩක් විනයගරුකව හා ප්‍රතිපත්තිගරුකව ජීවත් වුණ කෙනෙක්. අපේ ගමේ මුල්ම වතාවට ඉන්පෙක්ටර් කෙනෙක් වුණේ….මමයි. අවුරුදු හතක් සේලම් වල සේවය කළා. වරාහි එක්ක මගේ විවාහය සිද්දවුණා. ඊට පස්සේ අවුරුදු දෙකක් ටී. නගර් වල පොලිස් ස්ථානයේ සේවය කළා. ඩී.සී. දවසක් මාත් එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනෙ කියල කතා කළා. පෞද්ගලික පබ් එකකදී කෙල්ලෙක්ට වෙච්ච අසාධාරණය ගැන මට විස්තරාත්මකව කිව්වා. එතනින් පටන් ගන්න මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ව අල්ලන වැඩේ දිගටම කරගෙන ගියා. මේ ගැන පැහැදුණ ස්වදේශ කටයුතු ඇමති රුද්‍රන්ව මාරු කරනවා N4 ධීවර වරායේ පොලිස් ස්ථානයට, එහෙ ඉන්ස්පෙක්ටර් විදියට වැඩ බාර අරන් වැරදි කරන කාට වුණත් නීතියට අනුව කටයුතු කරන්න රුද්‍රන් පැකිළුණෙ නෑ. ඔහොම වැඩ කරගෙන යද්දි තමයි දවසක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කෝල් එකක් එන්නෙ ස්කෝලෙ යන වයසෙ කොල්ලො දෙන්නෙක් මාකට් එකේ ගංජා විකුණනව කියල. වහාම ක්‍රියාත්මක වන රුද්‍රන් එයාලව අල්ලන්න ජෝශප් සර් එක්ක මාකට් එකට යනවා. එහෙදි ඒ කොල්ලො දෙන්නා අල්ලගෙන රුද්‍රන් සර්ව කෑම කන්න යන අතරතුර ජෝශප් සර් වත් තල්ලු කරගෙන පැනල යන්න හදනව එයාලගෙ බයික් එකෙන්, මේක දකින රුද්‍රන් වහාම බයික් එක පස්සෙන් පන්නන්න ගන්නව. ගැබිණි කාන්තාවකුත් හැප්පෙන්න ගිහින් පැනල යන නිසා කේන්ති යන රුද්‍රන් අර කොල්ලො දෙන්නව පන්නගෙන ගිහින් බයික් එකට පයින් ගහල දෙන්නව වට්ටල කොහොම හරි අල්ලගන්නව. ඒ වැටුණ වෙලාවේ මාරන්ගෙ ඔලුව වැදිලා මැහුම් 13ක් ගහන්න සිද්දවෙනවා. දොස්තර මහත්තයත් කියනව වතුර ගිහින් ආසාදනයක් වෙන්නෙ නැතිවෙන්න බලාගන්න කියල. දෙමාපියන් පොලීසියට කැදවන රුද්‍රන්, ඔවුන්ට තම ළමුන්ව හරියට බලාගන්නා ලෙස අවවාද කර ගංජා නඩුවක් නැතුව ප්‍රසිද්ධියේ දුම් බිව්ව එකට දඩයත් තමන්ම ගෙවල ඔවුන්ව පිටත් කරල හරිනවා. සතියකට පස්සේ හදිස්සියේම උදේක මාරන් වලිප්පුව හැදිලා ඉස්පිරිතාලෙට ඇතුළත් කරද්දි මිය යනවා. එතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. එහෙනම් ඔයාලටයි මේ ආරාධනය.