ක්ලෙයා කියන්නෙ කුඩා කාලයෙම තමන්ගෙ දෙමව්පියන් නැති වුණු පොඩි කෙල්ලෙක්. ඒවගේම තමයි මෙයාට අයියා කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි ක්රිස්. ඉතිං මේ ක්රිස් කුඩා කාලේ ඉඳලා තමන්ගෙ නංගිව ආදරෙන් බලාගන්නවා. කිසි දෙයක් වෙන්න නොදී. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙනවා ක්ලෙයා පැනලා ගියාට පස්සෙ. ක්රිස්ටත් හිතාගන්න බැරි වෙනවා ඇයි එයා එහෙම දෙයක් කරේ කියලා. ඔන්න අවුරුදු ගාණක් ගෙවිල. පුංචි ක්ලෙයාර් දැන් ලොකු වෙලා. ඉතිං මෙයා තමන්ගෙ අයියව හොයාගෙන එනවා. ඒ එයාලා හිටපු රැකූන් නගරයට. මේ ටවුමේ අමුතු දේවල් සිද්ධ වෙන්න ගන්නවා. මිනිස්සු ලෙඩ වෙනවා. ඒවගේම තමයි එයාලා සාහසික පුද්ගලයින් බවට පත් වෙනවා. තවත් කෙටියෙන් කියනවා නම් මේ මිනිස්සු අනික් මිනිස්සුන්ව කනවා. මුළු ශරීරයම විකෘති වෙන්න අරගන්නවා. ඔන්න ඔය වගේ අවධියකදී තමයි මෙයා මේ නගරෙට ඇතුළු වෙන්නෙ. ඒත් ඇයි මෙහෙම වෙන්නෙ? මොකක්ද මේක පිටිපස්සෙ තියෙන රහස? අවුරුදු ගාණකට පස්සෙ ක්ලෙයාර් ඇයි ක්රිස්ව හොයාගෙන එන්නෙ? මේ සිද්ධ වෙන දේ ගැන අනතුරු අඟවන්නද? ඒත් ක්ලෙයාර් කොහොමද ඒ විස්තර දැනගත්තෙ? යන සියලුම ප්රශ්ණ වලට උත්තර චිත්රපටයෙදී දැකගන්න හැකියාවක් ලැබෙනවා. එහෙනම් චිත්රපටය ඔයාලටම බාරයි.