Most Eligible Bachelor චිත්‍රපටය ගැන කතා කලොත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බාස්කර් විසින්. බාස්කර් කිව්වට කවුරුත් දන්නේ නැති උනාට Bommarillu Baskar කිව්වම තමයි හැමෝම දන්නේ. මොකද ඔහු තමයි තෙලුඟු සිනමාවේ ආදර කතා වල සලකුණක් බඳු Bommarillu චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඊට අමතරව Parugu , Orange වැනි තෙලුඟු චිත්‍රපට රසිකයින් හට කිසිදා අමතක නොවන ආදර කතා සිනමාවට දායාද කල අතිදක්ෂ අධ්‍යක්ෂක වරයෙක් ලෙස ඔහු හැඳින්විය හැකියි. එම ලයිස්තුවට මෙතැන් සිට Most Eligible Bachelor චිත්රපටද මෙතැන් පටන් එක්වනු ඇති. මීට අමතරම රාම් පොතිනෙනි රඟපෑ Ongole Githa චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරනු ලැබුවේ බාස්කර් විසින්. අල්ලු අරවින්ද්ගේ Geetha Arts සමාගමේ සහෝදර සමාගමක් වන GA2 Pictures වෙනුවෙන් බනී වාසු විසින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ. මේ චිත්‍රපටයේ මාරම ලස්සන මියුසික් ඇල්බම් එකක් අන්තර්ගත වෙලා තියෙනවා. Sid SriRam ගායනා කරන Leheraayi ගීතය චිත්‍රපටය නිකුත් වීමටත් පෙර අතිශය ජනප්‍රිය වූ අතර මුළු චිත්‍රපටයේ සියලුම සංගීත අධ්යක්ෂණ කටයුතු Gopi Sundar විසින් සිදු කර තිබෙනවා. මිනිත්තු150 ක ධාවන කාලයකින් යුතු සුන්දර ආදර කතාවක් සහිත මෙම චිත්‍රපටය පසුගිය ඔක්තෝම්බර් 15 සිට ඉහල ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වීම ආරම්භ කරනු ලැබුවා.