Master 2021 චිත්‍රපටය අධ්‍යක්ෂනය කර ඇත්තේ නවක දමිළ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ Lokesh Kanagaraj විසින් වන අතර මෙය ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද තුන්වන චිත්‍රපටය වේ. Lokesh Kanagaraj වැනි නවක අධ්‍යක්ෂකවරයෙකුට දමිළ සිනමාවේ දැවැන්තයකු වන Vijay ගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සිනමා ක්ෂේත්රයේ මෙන්ම විචාරක සහ ප්‍රෙක්ෂකයින් පවා මවිතයකට පත්ව තිබුණා.
Master චිත්‍රපටයේ කතාව අධ්‍යක්ෂණය Lokesh Kanagaraj විසින් සිදුකර ඇති අතර සංගීත අධ්‍යක්ෂණය Anirudh Ravichander විසින් සිදුකර ඇත. තිර රචනය සඳහා දායක වී ඇත්තේ Pon Parthiban, R. M. Rathna Kumar දෙදෙනා විසින්ය. මෙහි ඇති Kutty Story ගීතය ගායනා කර ඇත්තේ Vijay විසින්මය. අනෙකුත් ප්‍රධාන චරිත Vijay Sethupathi සහ Malavika Mohanan යන නළු නිලියන් රඟදක්වන අතර Vijay Sethupathi මෙහි ප්‍රතිවීර චරිතය රඟදක්වනවා.
සියලු දෙනාගේ බලාපොරොත්තු සඵල කරමින් Master 2021 දමිළ සිනමාපටය ආදායම තුලින් මෙන්ම ප්‍රේක්ෂක සහ විචාරක අදහස් වලින් පවා තිරගත කර දින කිහිපයක් තුලදි ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් බවට පත්වුනා. ඒ සාර්ථක්වයට තුඩුදුන් හේතුන් චිත්‍රපටය නරඹාම දැකබලා ගන්නා ලෙසත් මා ඔබට ආරාධනා කර සිටිනවා.
Master (2021) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ විප්ලවය! [සිංහල උපසිරසි]