අරන්මනෙයි බංගලාවේ උරුමක්කාර සමින්දාර් රාජසේකර් කෝවිලේ තිබ්බ රහස් කාමරේ බලෙන්ම වාගේ යම් කිසි හේතුවක් නිසා වහල දාල තිබ්බේ. ගමේ අය කොච්චර ඉල්ලුවත්, පංචායත රැස්වීමේ තීරණය කළත් ඒ රහස් කාමරේ අරින්න අවස්ථාව සමින්දාර් ලබා දුන්නෙම නෑ. කොහොම වුණත් මේ ගැන අමනාපෙන් හිටිය ගමේ අය ඉහළ උසාවි නියෝගයක් අරගෙන මේ රහස් කාමරේ අරින්න කටයුතු කරනවා. එදාට කෝවිලේ උත්සවේකුත් තියෙනව, ඒකට වල්ලිමලේ ස්වාමිලත් එන්න නියමිත වෙලා තිබ්බා. කොහොමින් හරි ඒ කාමරේ අරින අවස්ථාවේ සමින්දාර් බයවෙලා ඉන්නෙ එයාගෙ දෙයක් තමයි ඒ රහස් කාමරේ රහසක් විදියට තියෙන්නෙ. කොහොම හරි සමින්දාරුත් බයවෙලා එයාගෙ වැඩ කරගන්න සාමි හම්බවෙන්න කැලේට යනවා. ඔය අතරතුර අර රහස් කාමරේ උසාවි නියෝග මත අරින්න කලෙක්ටර් මහත්තයත් ඇවිල්ලා වල්ලිමලයි ස්වාමි වරුත් එතනට ඇවිලා කාමරේ අරිනවා. ඒ අරිනවත් එක්කම ඒකෙන් විශාළ කලු පාට සමනල රෑනක් කාමරෙන් එළියට පියාසර කරගෙන යනව, එතකොටම අර මහත් බලයක් තියෙන වල්ලිමලයි ස්වාමි දැනගන්නව මෙතන මොකක් හරි අත්භූත දෙයක් වෙලා තියෙනව කියන්න. ඊට පස්සෙ ඔන්න සමින්දාර්ගේ ළගම ඉන්න එයාගෙ රියදුරුගෙ මරණය සිද්දවෙනවා. එයින් පටන් ගන්න මරණයත් එක්ක අරන්මනෙයි බංගලාවේ අභිරහස හොයන්න ඔයාලත් එකතු වෙන්න. එහෙනම් ආයෙත් මුණ ගැහෙමු