කතාව ගැන මතක් කළොත්, හන් ජී-හූන් කියන්නේ නඩු පරීක්ෂක වරයෙක්. ඔහු සැන්ග්-ඉන් සමූහයේ සභාපති ලීව අත්තඩංගුවට ගන්නවා නීති විරෝදීව කොටස් අවභාවිතා කිරීම සහ අල්ලස් ගැනීම යන චෝදනා යටතේ. කොහොම හරි එම විමර්ශනේ අසාර්තක වෙලා ඔහුගෙ තනතුර ජාතික ඔත්තු සේවය(NIC) දක්වා පහත් කරනවා. ඉතින් එතනදි NIC එකේ සභාපතිතුමිය වන යෝම් මෙයාට මෙහෙයුමක් දෙනවා ඒ තමයි ෂෙන්යැන්ග් නගරයේ ඔත්තු සේවය භාර ජී කැන්ග්-ඉන්(යාක්ෂා) පසුගිය මාසවල NIC එකට එවල තිබුන වාර්ථා ව්‍යාජ ඒව නිසා, ඒව ගැන හොයල බලන්න. ඒ වැඩේ කළොත් හන්ට කළින් රස්සාව දෙනවයි කියන පොරොන්දුව මත මේක බාර ගන්නවා.
