චිත්‍රපටි දමිළ

Yaaro (2022) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

ජෝන් සැලසුම් නිර්මාණ ශිල්පියෙක්. ජෝන් සති දෙකක් තිස්සෙ කරපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙනවා. ජෝන් වැඩ පීඩනයත් එක්ක මානසිකව කඩා වැටිලා හිටියා. ඒ වගේම ජෝන්ට නින්දෙදි නිතරම එකම හීනයක් පෙනුනා. දොස්තර හමුවෙලා මේ ගැන ඇහුවත් වැඩ පීඩනය නිසා වෙන්න ඇති, බය වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලයි කිව්වේ. දවසක් රෑ ගොඩක් පහුවුණ වෙලවක ගෙදර බෙල් එක වදිනවා ඇහිලා ජෝන් කවුද කියලා බලන්න යනවා. ගේට්ටුව වහලා තියෙද්දිත් කෙනෙක් ඇවිත් ජෝන්ගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලනවා. ජෝන් මුලදි සැක හිතිලා එයාට යන්න කිව්වත් වතුර එකක් දෙන්න කැමති වෙනවා. ගේ ඇතුලට ගිහින් වතුර එක අරගෙන එනකොට ඒ වතුර ඉල්ලුව මනුස්සයා එතන හිටියෙ නැහැ.

එතන නෙවෙයි කොතැන වත් පේන්න හිටියේ නැහැ. එක සැරේම උඩ තට්ටුවෙන් සද්දයක් ඇහිලා උඩ බලද්දි උඩ කෙනෙක් ඉන්නවා ජෝන් දකිනවා. ජෝන් උඩ තට්ටුවට ගිහින් බලනවා කවුද උඩ තට්ටුවට හොරෙන් රිංගුවෙ කියලා බලන්න. ජෝන් කෙනෙකුගේ  ඡායාවක් දකිනවා. එතනින් පැනගත්ත ජෝන් එයාගේ යාළුවා ජීවාට කෝල් එකක් අරගෙන මේ ගැන දන්වනවා. ජීවා සුන්දර් නම් පොලිස් නිලධාරියාවත් එක්කගෙන ජෝන්ගේ ගෙදරට එනවා. ජෝන් ඒ ඡායාව දැක්ක තැන සුන්දර්ට  පෙන්වනවා.  සුන්දර් ගෙදර හැමතැනම හෙව්වත් ගෙදරට පැන්න කවුරුවත්ම හොයාගන්න බැරිවෙනවා. කොහොමින් හරි සුන්දර්ට ජෝන්ගේ හැසිරීම ගැන සැකයක් ඇතිවෙනවා. මේ අතරෙදි ජෝන්ට එයාගෙන් වතුර ඉල්ලගෙන ආව කෙනාව සැරින් සැරේ පෙනෙනවා.

ජෝන් එයාගේ පස්සෙන් පැන්නුවත් මඟඇරෙනවා. ඒ වගේම ජෝන්ගෙ ගෙදර මිලදී ගන්න මන්ත්‍රී කෙනෙකුගෙ සහෝදරයෙක් ජෝන් හොයාගෙන එනවා. බලහත්කාරයෙන් ඉල්ලුවත් ජෝන් ගෙදර විකුණන්න කැමති වුණේ නැති නිසා ජෝන්ට තර්ජනය කරනවා. ඒ විතරක් නෙවෙයි ජෝන්ගෙ ගෙදර අයිති කරගන්න වටපිටාවෙ අය මාන බලනවා කියලත් ජෝන්ට තේරෙන්න ගත්තා. ජෝන් ගේ ඇතුලෙ සැකහිතෙන දේවල් සිද්ද වෙන නිසා ගෙදර පරීක්ෂා කරන්න කෙනෙක්ව එක්කගෙන එනවා. අවසානයේ එයාත් ගෙදර කවුරුවත්ම නැහැ කියලා තහවුරු කරනවා. ඒත් මෙයා හිතනවා මේ ගෙදර හොල්මනක් ඉන්නවා කියලා. එයා දන්න ප්‍රේත, හොල්මන් එලවන සාමියාර් කෙනෙක්ව ජෝන්ට නිර්දේශ කරනවා.

ජෝන්ට මේ ගැන විශ්වාසයක් තිබුණෙ නැති නිසා සාමියාර්ට කතා කලේ නැහැ. ඒත් එදා මහ රෑ සාමියාර් ජෝන්ගෙ ගෙදර එනවා. සාමියාර්ට ගෙදර කවුරුහරි ඉන්නවා, එයාට කතා කරනවා වගේ දැනෙනවා කිව්වා. සාමියාර් තනිවම උඩු මහලට ගිහින් ඒ ගැන හොයනවා. හුඟ වෙලාවක් ගියත් සාමියාර් පහලට ආවෙ නැහැ. ජෝන් සාමියාර්ට මොකද වුණේ කියලා බලන්න යන්න හදනකොටම සාමියාර් උඩ මහලෙ ඉඳන් පහත මාලයට ඇද වැටුණා. සාමියාර් එතනදිම මැරුණා. ජෝන්ගෙ බය තවත් දෙගුණ තෙගුණ වුණා. පොලිසියට කියන්න හිතුවත් ජෝන්ව මේ මරණයට පැටලෙයි කියලා හිතලා ජෝන් සාමියාර්ගෙ මළසිරුර වත්තෙ වළක් හාරලා හංගනවා.

Leave a Reply

Your email address will not be published.