කතාව ගැන මතක් කළොත්, මේක වෙන්නේ 1979 කාලෙදි. මැක්සීන් කියන්නේ ජනප්රිය තරුවක් වෙන්න දැඩි ආශාවක් තියෙන ලස්සන කෙල්ලෙක්. එයාගෙ පෙම්වතා තමයි වේන්. මෙයා වැඩිහිටියන්ට පමණයි චිත්රපට හදන කෙනෙක්. මෙයා වෙනස්ම විදිහේ වැඩිහිටි චිත්රපටියක් හදන්න හිතන් ඒකෙ රූපගත කිරීමෙ වැඩ වලට ගොවිපලකට යනවා එයාගෙ කන්ඩායමත් එක්ක. ඒ ගොවිපල අයිතිව තිබුනේ ටිකක් අමුතු වයසක ජෝඩුවකට. මෙයාල කොහොම හරි චිත්රපටියෙ වැඩ මේ ගොවිපලේ කරනවා. ඒ අතරතුරේදි ගොවිපල බාරව හිටපු වයසක ආච්චි මෙයාලගෙ චිත්රපටියෙ රඟපාන ඒව දකිනවා. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ වැඩිහිටියන්ට පමනයි චිත්රපටියක මොනවද තියෙන්නෙ කියලා. ඒව දැකලා මේ ආච්චිට මොනවගේ හැගීමක් ඇති වෙයිද? ආශාවන් සඳහා වයස බලපානවද? මේ ඔක්කොම කොහොම කෙලවර වෙයිද කියලා බලලම දැනගන්න.
