ඉංග්‍රීසි චිත්‍රපටි

Would You Rather (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කතාවේ ප්‍රධාන චරිතය තමයි අයිරිස් කියන්නේ . එයාට උසස් පාසල් ගමන නවත්තන්න වෙනවා. මොකද එයාගේ දෙමාපියන්ව අනතුරකින් මියගිය නිසා.ඒක නිසා එයා තමන්ගේ මල්ලිවත් එක්කරගෙන ගමට එනවා රස්සාවක් හොයා ගන්න . මෙයාගේ මල්ලි ලියුකේමියා රෝගියෙක් . එයාට ඉක්මනින්ම ඇටමිඳුළු බද්ද කිරීමේ සැත්කමක් කරන්න ඕන. මේ නිසා එයා ගොඩක් මූල්‍යමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.මේ අතරතුර අයිරිස්ගේ මිතුරෙක් වෙන දොස්තර බ්‍රැන්ඩන් ඇයගේ සියලුම ප්‍රශ්න විසදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියල කියනවා. ඉතින් අයිරිස් මේ දොස්තර බ්‍රැන්ඩන් හමුවෙන්න යනවා. එතනදී මේ ශෙපර්ඩ් ලැම්බ්‍රික් කියන පුද්ගලයාව අයිරිස්ට හදුන්වා දෙනවා. ඔහු අයිරිස් ට කියනවා  ඔහුගේ ලැම්බ්‍රික් පදනමින් ඇයගේ සහෝදරයාට උදව් කරන්න පුළුවන් කියල.හැබැයි නිකම් නෙවෙයි . ඒකට තරගයකින් දින්න වෙනවා. ඉතින් මේ ප්‍රශ්න නිසා අයිරිස් තීරණය කරනවා තරගයට යන්න. ඇත්තටම මොකක්ද මේ තරගය .ඇයට මේ තරගයෙන් දිනල සහෝදරයව බේර ගන්න පුළුවන් වෙයිද . ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා

Leave a Reply

Your email address will not be published.