ඔයාලට මොකද හිතෙන්නෙ ඇල්බට් අයින්ස්ටයින් අද හිටියනම් හොඳ කොලේජ් එකකට යා ගන්න පුළුවන් වෙයිද? එයා ගොඩක් ගනිතයට, විද්‍යාවට දක්ශ කෙනෙක් තමා ඒත් විශය භාහිර දේවල් වලට දක්ශ කම් තිබුනද? අන්න ඒවගේ ප්‍රශ්නෙකට මූන දීපු කෙනෙක් තමා කුයින් ඇක්මන් කියන්නෙ. එයාට යන්න ඕනෙ වෙලා තියෙන ස්කූල් එක තමා Duke කියන්නෙ. එයාට ඒකට යන්න සුදුසු කම් ඉහටත් උඩින්. GPA එකම 4.0ක්. ඒත් ඉතින් කොරහකට හිට්ටෙ DUKE එකේ ඉන්ටවිව් කරන කෙනා වන මිස්. මියස් වෙනස් දේවල් වලට කැමති වෙනසක් කරන්න පුළුවන් කෙනෙක්ව හොයන කෙනෙක්. ඉතින් කුයින්ට පොතේ පතේ දේවල් වලට අමතරව විශය බාහිර ප්‍රැක්ටිකල් දේවල් නම් තිබුනෙ නෑ. ඉතිං මෙයාට ඩියුක් එකට යන්න තිබ්බ හීනෙ නිසාම මෙයා යාලුවෙක් එක්ක ඩාන්ස් ටීම් එකක් පටන් අරන් Work It Competition එකට තරඟ වදිනව මිස්.මියස් ගෙ හිත සතුටු කරන්න…ඉතිං ජීවිතේට නටල නැති කුයින්ට ඩාන්ස් කරන එක ලේසි වෙයිද මෙයා මොනව කරගනීද? වගේම මෙයාල කොහොම එයාලගෙ හීන කරා යයිද කියල ඔයාලම බලන්න.