කතාව ගැන කිව්වොත් මිචෙල්, ලිබර්ටි කියන්නෙ අම්මයි දුවයි. ලිබර්ටිගෙ තාත්ත නෑ. ඉතින් මෙයා ස්කෝලෙ කෑම්ප් එකකට යනව මාස දෙකක. ඒ ගිහින් එද්දි අම්ම ජෝන් කියල හාදයෙක් එක්ක හාදකමක් පටන් අරන් ඉන්නව. ඉතින් මේ ලිබර්ටි වැඩිය ඒකට කැමැත්තක් දක්වන්නෙ නෑ. එයාට මේ ජෝන් ගැන සැක හිතෙනවා. ලිබර්ටි ජෝන් ගැන හොයනවා. එක දවසක මෙයා දැනගන්නවා මේ ජෝන් කියන්නෙ නිකන්ම සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියල. ජෝන් මොන වගේ කෙනෙක්ද? අම්මව ජෝන්ගෙන් බේර ගන්න පුළුවන් වෙයිද? මේ හැමදේටම උත්තරේ ෆිලුම බලලම දැනගන්න. මුල හරිය ටිකක් කම්මැලි වගේ දැනෙයි. අවුල් වගේ නම් ට්‍රේලර් එකත් බලලම ෆිල්ම් එක බලන්න. එහෙනම් දැනට ගිහින් එන්නම්. තව ෆිලුමකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ…