හරි කතාව පැත්තට එමු ,පරසුරාම් ( තම්බි රාමයියා ) කියන්නේ දරුවෝ සහ පවුලේ අය වෙනුවෙන් ජීවිතේම කැප කරලා වැඩ කරන කෙනෙක් , ඒත් එයා මාර හදිස්සි කාරයෙක් දරුවොන්ගේ හැමදෙයක් ගැනම හිතනවා අරක කරන්න එපා මේක කරන්න එපා ( සාමන්ය තාත්තා කෙනෙක්ම වගේ තමයි ) ඒත් එයා ටිකක් වැඩියෙන් හිතනවා වැඩි.ඉතින් කතාව ඔහොම යද්දී එක දවසක් පරසුරාම් රිය අනතුරකට මුහුණ දෙනවා ඒ රිය අනතුරෙන් එයාගේ ජීවිතය නැති වෙනවා. එතනින් පස්සේ තමයි අපේ සමුතිරකනි කතාවට එන්නේ , එයා මේ ෆිල්ම් එකේ ඉන්නේ මාරයාගේ චරිතෙට ( ඒ කියන්නේ අපි ජිවත් වෙන කාලය , අපිව අපායටද දිවය ලෝකයටද ගෙනියන්නේ කියන එක එයා තමයි තීරණේ කරන්නේ ) ඉතින් ඔන්න පරසුරාම් එයා ගාවට ඉබේම එනවා ( මරණෙන් පස්සේ ). පරසුරාම්ට මේක විශ්වාස කරන්න බෑ එයා මාරයා ( සමුතිරකනි ) ගෙන් ප්රශ්න අහන්න ගන්නවා එයා කොච්චර තේරුම් කරන්න හැදුවත්.හැබැයි පස්සේ පරසුරාම්ට තේරුම් යනවා එයා මැරිලා තමයි කියලා…