චිත්‍රපටිය ගැන කියනවනම් රුද්‍රන් කියන පොලිස් නිළධාරියා තමිල්නාඩු පොලීසියෙන් විශ්‍රාම අරගත්තට පස්සෙ තමන්ගෙ පුතා එක්ක ජීවත් වෙන්න ඇමරිකාවට යනවා. රුද්‍රන් කියන්නෙ ඉන්දියානු පොලීසියේ ඉද්දි ඉතාම දක්ෂ ලෙස රාජකාරිය කරපු නිලධාරියෙක්. ඇමරිකාවට ගිහින් පුතත් එක්ක ජීවත් වෙන අතරතුරේදි අසල්වැසි ගෙදරක මෝආනා කියන කාන්තාවක් අතුරුදහන් වෙනවා.තව ටික දවසකින් කාර්ලොස් කියන කොල්ලෙක්ගේ අතුරදහන් වීමත් එකක් මේ ප්රශ්නය තවත් සංකීර්ණ වෙනවා.රුද්‍රන්ට පුතා ජීවත් වෙන ගෙදරට අල්ලපු ගෙදර ජීවත්වන මිනිස්සු ගැන යම් සැක සහිත ඉඟි ලැබෙන්න ගන්නවා. විශ්‍රාම ගියත් පොලිස් නිළධාරියෙක් වෙච්ච රුද්‍රන් මේ ගැන හොයන්න ගනිද්දි එයාවත් නොහිතපු විදියට රුද්‍රන්ගේ පවුලට කරදර එන්න පටන් ගන්නවා. ඒවා මොනවද කියල ඔයාලට බලන්න පුලුවන්. කොහොමහරි රුද්‍රන් මේ එහෙදි හමුවෙන යාලුවෙකුත් සම්බන්ද කරගෙන අභිරහස පසුපස හඹා යනවා.ඒ වගේම ඒ අතරතුර නිකොලොයි කියන පුංචි ගැහැණු ලමයෙක් තමන්ගේ පියාගෙන් විවිධ වද හිංසාවලට ලක්වන ආකරයක් චිත්‍රපටය පුර දැක ගන්න පුළුවන්. මම මීට වඩා විස්තර කරන්නෙ නැහැ චිත්‍රපටිය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.