මම නිකන් මැස්සෙක් ”
“මුන් හන්දා කරදරයට පත්වුණ”
“මට පුලුවන් විදියට සටන් කරනවා”
“හෙට බැටළු පැටියෙක් බලපෑමට ලක් වෙයි”
“ඌට පුලුවන් විදියට ඌ සටන් කරයි”
“දවසක…”
“සිංහයෙක් බලපෑමට ලක්වෙයි….”
“මැස්සෙක්.. බැටළු පැටියෙක්…බල්ලෙක්…නරියෙක්…”
“එයාට පුලුවන් ඔක්කොම මරල දායි”
“ඒත් සිංහයෙක් එයාට මරන්න බෑ…”
තාත්තා පොලීසියේ කොස්තාපල් කෙනෙක්. පෝරසුත් පොලිසියට බැදෙන්න බලාගෙන ඉන්නෙ. එයාගෙ නංගි ද්වාරකා කොලේජ් එකේ ඉගෙන ගන්නෙ. ලස්සන පවුලක් අයියා නංගි අම්මා තාත්තා ජීවිත සුන්දර විදියට ගලාගෙන යන්නෙ. පෝරස්ගේ පෙම්වතිය මයිතිලී පොඩි කාලේ ඉදලම ලව් එක, තාමත් ඒක ඒ විදියටමයි. මයිතිලීගේ ගෙදරින් මංගල යෝජනා ගේන ගේන වෙලාවේ පෝරස් එයාගෙ යාළුවා තලපති එක්ක එකතුවෙලා ඒක කඩා කප්පල් කරනවා. කොහොමහරි මයිතිලීගෙ ගෙදරින් පෝරස්ටයි මයිතිලීටයි කැමැත්ත ලැබෙනවා. ඔය අතරෙම පෝරස්ගේ නංගිගේ පෙම්වතා ෆයිසල් පෝරස්ගෙන් එයාගෙ නංගි ගැන යෝජනාව දාලා ඒ දෙන්නගෙ ලව් එකත් හරියනවා.
නංගිගේ ලව් එක මැද්දට ගුණා කියල හෙනහුරෙක් පාත් වෙලා ඉන්නව ගොඩක් කල් ඉදන්ම, ෆයිසල් එක්ක නිතරම යන නිසා ගුණාගෙ කරදරේ ද්වාරකාට දරාගන්නම බැරුව තිබ්බේ. පස්සෙ අයියට කියලා ගුණාට හොදටම ගහලා අතත් කඩලා පොලිසිය දක්වාම කේස් එක දුරදිග යනවා. පස්සෙ ගුණාගෙ අයියා සෙල්වම්, පොරත් පොලීසියට ඕන කරල තිබ්බ කෙනෙක් තමයි. පෝරස්ගේ ගෙදරට ඇවිත් පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න කියපු පෙරැත්තය නිසාම සෙල්වම්ගේ ඉල්ලීම පිට ගුණාට සෙරෙප්පුවෙන් ගහලා කේස් එක ඉල්ලා අස් කර ගන්නවා. කොහොම වුණත් ගුණා නම් මේකට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. දවසක් රෑ වෙලාවක ද්වාරකා බෙහෙත් සාප්පුවට යන අවස්ථාවක ගුණා ද්වාරකාව උස්සන්න තීරණෙ කරනවා. ඔතනින් තමයි ද්වාරකාගේ ජීවිතේම උඩු යටිකුරු වෙන්නේ.