චිත්‍රපටි දමිළ

Vanam (2021) Sinhala Subtitles | වනාන්තරය ! [සිංහල උපසිරසි]

අලුතින් ඉදිකරන මූර්ති කලායතන විදුහල් භූමියක වැඩ කරමින් සිටින චිත්‍ර ශිල්පියෙක් හදිසියේම 1013 කාමරය තුළදී සිය දිවි හානි කරගන්නවා. එයින් ටික දවසකට පස්සේ ඒ හොස්ටල් කාමරවල නවතින්න එන විද්‍යාලයේ ඉගෙන ගන්න තවත් ශිෂ්‍යයෙක් අභිරහස් ලෙස සියදිවි හානි කරගන්නවා. ඔය අතරේ ඒ හොස්ටල් එකේ පාලකයා ගැන මගිල් විදුහල්පතිට පැමිණිලි කරා කියලා එයාව 1013 කාමරේට බලෙන්ම වගේ මාරු කරනවා. ඒ කාමරේට ආවට පස්සේ මගිල්ට අමුත්තක් තේරුණත් ඔහුට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. යාළුවත් එක්කම ඒ කාමරේ නවතින්න සිද්දවෙනවා. පුනරුප්පත්තිය ගැන වාර්තා චිත්‍රපටයක් කරන ජැස්මින් විද්‍යාලයේ ඉගෙන ගන්න මගිල්ව හා විදුහල්පතිව සම්මුඛ සාකච්ඡාවකට ගන්න විද්‍යාලයට එනවා. එයා මගිල් එක්ක කතා කළාට මගිල්ට අදුනගන්න බැරිවෙනවා ඒ එයත් එක්ක පොඩි කාලේ එකට හිටපු යාළුවා ජැස්මින් කියල. කොහොමින් හරි දෙන්න කතා බස් කරල දෙන්න අතර සම්බන්ධය ආදර සම්බන්ධයකට පෙරළෙනවා. දවසක් මගිල් ජැස්මින්ව හම්බවෙලා හොස්ටල් එකට එනකොට හොස්ටල් එකේ පාලකවරයා කලින් තිබුණ තරහට මගිල්ට කාමරේ ඇතුළට යන්න තහනම් කරනවා. එයා එළියට වෙලා ජැස්මින් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට රතුපාට සමනලයෙක් ඇවිත් මගිල්ගේ මූණෙ වැදිලා පියාබාගෙන යනවා. ඒ වැදුන පැත්තට හැරෙන මගිල්ට පේනවා කාමරේ ඇතුළේ කෙනෙක් එල්ලිලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට වෙන මිනී මැරුම් ගැන මගිල් එක්ක හොයාගන්න ඔයාලට බාරයි.

Leave a Reply

Your email address will not be published.