අර්ජුන්ගෙ නංගිගේ කසාදය වෙනුවෙන් වියදම් වලට අර්ජුන්ගෙ තාත්තාගේ දේපලක් උකසට තියලා රු. ලක්ෂ 20ක ණය මුදලක් අරගන්නවා. ඒ සල්ලිත් අරගෙන ගෙදරට යන ගමන් හිටිද්දී පොලිස් නිලධාරියෙක් අර්ජුන්ව නවත්වාගෙන පරීක්ෂා කරනවා. රක්ෂණ ලියකියවිලි නැති නිසා පොලිසිය අර්ජුන්ට දඩ ලියන්නට ලැහැස්ති වුණා. අර්ජුන්ගෙ ලඟ තිබුණ සල්ලි අරගන්නවා. පසුවදා උදේ පොලිස් ස්ථානයට ඇවිත් සල්ලි අරගන්න කියලා එතන හිටිය පරීක්ෂකවරයා කියනවා. සල්ලි නැතුව ගෙදර ගිහින් අර්ජුන් තාත්තගෙන් හොඳටම බැනුම් අහනවා. අර්ජුන් ගැන තාත්තට කිසිම විශ්වාසයක් තිබුණෙ නැහැ. කොහොම හරි අර්ජුන් පහුවදා උදේ ස්ටේෂන් එකට ගිහින් සල්ලි ඉල්ලා ගන්නවා. ඒත් එතන තිබුණේ රු. ලක්ෂ 5ක් විතරයි. දැනටමත් අර්ජුන්ගෙ කලක්රියාව හොඳ නැති නිසා තාත්තගෙන් හොඳටම බැනුම් අහන අර්ජුන් ගෙදර අයට මුහුණ දෙන්නෙ කොහොමද? අර්ජුන් පොලිසිය අරගත්ත සල්ලි ආපහු අරගන්න වෙනස්ම විදිහේ අද්විතීය ක්රමයක් හොයාගන්නවා. ඒ කොහොමද? කියන කතාව තමයි ඉස්සරහට ගලාගෙන යන්නෙ.
