කතාව පටන් ගන්න විදිහ චුට්ටක් කියන්නම්. ඔන්න ඉන්නව කපල් එකක්. මුං දෙන්න මෙක්සිකෝවට නිවාඩුවකට ඇවිත් එයාපෝට් එකෙන් එලියට එන සීන් එකකින් තමා කතාව පටන් ගන්නෙ. මේ කොල්ල මේ ටුවර් එකේදී මේ කෙල්ලට ප්‍රපෝස් (“විල් යූ මැරී මී..”) කරන්න තමා හිතාගෙන ඉන්නේ. කොල්ල කිව්වට ඉතින් වයස නම් ටිකක් වැඩියි. Lil Rel Howery කියන නළුවා තමා මේ චරිතෙට පණ පොවන්නෙ, මෑත කාලයෙ ආපු ෆිල්ම් ගොඩක රඟපානවා, වයස නම් 40 ක් විතර වෙනවා, කතාවෙ විදිහට මෙයාගෙ නම “මාර්කස්”. කෝම හරි පොර මේ කෙල්ලව සර්ප්‍රයිස් කරන්නත් හිතාගෙන ලොකු වියදමක් දරල සුඛෝපභෝගී හෝටලයක මෙයාගෙම අදහස් වලට අනුව සැරසිලි කරපු විශේෂ කාමරයක් ඒම වෙන් කරගෙනයි තියෙන්නේ. ඉතින් මෙයාල මේ හොටෙල් එකටත් ගිහින්, හොටෙල් එකේ මැනේජර් එක්ක අර විශේෂ ආකාරයට සැරසිලි කරපු කාමරේට යනවා. ගිහින් ගෑණු ලමයව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කාමරේ දොර අරිනවා. මෙන්න මෙතනදි. මට එක දෙයක් ටක්කෙටම කියන්න පුලුවන්, ඒ ගෑණු ලමය විතරක් නෙමේ ෆිල්ම් එක බලන අපිත් සුපිරියටම සර්ප්‍රයිස් වෙනවා..