කතාව ගැන බැලුවොත් බේබම්මා එහෙමත් නැත්නම් සංගීතා කියන්නේ ගමේ ප්රධාන තනතුරක් දරන කෙනෙක්ගේ දුවෙක්. ආසි කියන්නේ ධීවරයෙක්ගේ පුතෙක්. බේබම්මාගේ තාත්තා හැමදේටම වඩා පවුලේ නම්බුව ගැන හිතන කෙනෙක්. ධීවරයෙක් වන ආසිගේ තාත්තා වැඩ කරන්නේ ඒ රායනම් යටතේයි. ආසි පොඩි කාලේ ඉඳන්ම මේ රුවැත්තියට කැමැත්තෙන් බලන් ඉන්නවා. කවදාවත් ගමට ආවෙ නැති බස් එක බේබම්මාව කොලේජ් එක්කන් යන්නම ගමට එනවා. ඒ බස් එක එනකල් ආසිත් බලන් ඉන්නවා. හැමදාම බස්එක පස්සෙන් ගියත් බේබම්මාට මුහුණ දෙන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. ඉතින් මේ ආදර කතාව කොහොම පටන්ගනියිද, ලොකුම බාධාව වෙන්නේ මොකක්ද කියන ප්රශ්න වලට උත්තර හොයාගන්න ගමන් චිත්රපටයත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
Uppena (2021) Sinhala Subtitles | නැගෙන රළ පහර [සිංහල උපසිරසි]