Umma කියලා කොරියානු භාෂාවෙන් කියන්නේ අම්මට. මේ චිත්රපටයේ තියෙන්නෙත් අම්මෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන කැප කිරීම් සහ ඇයගේ අතීතය ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන ආකාරයයි. ඇමන්ඩා කියන්නේ කොරියාවේ ඉඳන් ඇමරිකාවට සංක්රමණය උන කාන්තාවක්. ඇය තමන්ගේ දියනිය ක්රිස් එක්ක මී මැසි ගොවිපලක් පවත්වාගෙන සමාජයෙන් දුරස් වෙලා ඉන්න උත්සහ කරන කෙනෙක්. දවසක් ඇයට කොරියාවේ ඉඳන් පණිවිඩයයක් ලැබෙනවා එයාගේ අම්මා මියගිහින් කියලා. ඒ වගේම මියගිය අම්මට අයත් බඩු කිහිපයකුත් ඇයට ලැබෙනවා. එතනින් පස්සේ තමයි මේ අම්මගෙයි දුවගෙයි ජීවිත වලට අද්භූත සිදුවීම් බලපාන්නේ
