චිත්රපටයේ කතාව ගැන පොඩ්ඩක් අවදානය යොමුකරොත් ජේකේ නගර් වල සිංගාරවේලන් කියලා තරුණයෙක් ඉන්නවා මෙයා පොඩි කාලේ ඉඳලා දේශපාලඥයෙක් වෙන්න හරිම ආසයි.තම පලාතේ සිටින ප්රසිද්ධ දේශපාලඥයෙක් වෙන රායප්පන් දෙස කුඩා කාලයේ සිටම බලාගෙන සිටින සිගාරවේලන්ගේ සිහිනය වෙන්නේ කෙසේ හෝ දේශපාලඥයකු වීමයි.සිංගාරවේලන්ගේ දැඩි කැපවීම නිසා කෙසේ හෝ රායප්පන්ට ලංවීමට ඔහුට අවස්ථාවක් ලැබෙනවා.දිනක් රායප්පන් සමඟින් සාදයක සිටින විට තවත් දේශපාලනඥයකු සිංගාරවේලන් සමඟින් කුපිත ඔහුගේ හිසට පරහක් එල්ල කරනවා.එම පහර හේතුවෙන් සිංගාරවේලන්ට දැඩි ලෙස තුවාල සිදු නොවුනාට ඔහුටත් නොදැනීම ඔහුගේ ශරිරයෙන් යම් වෙනසක් සිදුවී කිසි විටෙකදි නොසිතු අකරතැබ්බ රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. එසේ නම් ඇත්තටම ඔහුට මොකක්ද උනේ? මොකකද් මේ ද්විත්ව පෞර්ෂයත්වය කියන්නේ?
