මේක එක පවුලක පරම්පරා තුනක කාන්තාවන් තිදෙනෙක් ගැන කතාවක්. ඒ කිව්වේ මව-දුව-මිණිපිරී ජාතියේ කතාවක්. වැඩියෙන්ම කතාව දිව යන්නේ මව-දුව ගැන. නයන්තරා (තන්වී) කියන්නේ ජනප්රිය සහ සම්මානනීය ලේඛිකාවක්, ඇගේ දියණිය අනුරාධා (කාජොල්) ජනප්රිය බොලිවුඩ් නිලියක් වගේම ඔඩිසි නර්තන ශිල්පිණියක්. දෙදෙනා අතර තියෙන්නේ හොඳ සම්බන්ධතාවයක් නෙවෙයි. නයන්තරා කෝමා වෙනවා, අනූට ඇයට තනි රකින්න සිද්ද වෙනවා, එතකොට මිලන් (කුනාල්) තමා නයන්ගේ ස්වයං චරිතාපදානය ලියන්නේ. ඒ කටයුතු කරන අතර තමා නයන් කෝමා වෙන්නේ. අනූ, නයන් ළඟ තනි රකිනකොට අනූට කොහොමවත් දිරවන්නේ නැති මිලන් එක්ක කාලය ගත කරන්න ලැබෙනවා. තමන් සහ මව අතර තිබුණු සම්බන්ධය ගැන සහ තව තවත් දේවල් අනාවරණය වෙන්නේ එතකොට. අනූගෙ දියණිය මාෂාගේ (මිතිලා) ජීවිතය ගැන අවබෝධයක් ලැබෙන්නෙත් ඒ කාල වකවානුවෙමයි.
