පි බලමු කතාව මොකක්ද කියලා.
ජෝන් කෙලී ඇමෙරිකානු නේවි සීල් භටයෙක්. මෙයාගේ කණ්ඩායම සාමාන්‍යයෙන් විශේෂ මෙහෙයුම් කරන කණ්ඩායමක්. ඉතින් මේ කණ්ඩායම සිරියාවෙ කරන මෙහෙයුමකදි සිරියානු හමුදාවන් කියලා පහර දෙන්නෙ රුසියානු භට කණ්ඩායමකට. කොහොම හරි ඒ මෙහෙයුම සාර්ථක නිමා කළායින් පස්සෙ ආයේ තම මව්රට බලා එන ජෝන් කෙලී සහ ඔහුගෙ කණ්ඩායමේ අයව කවුරුන් හෝ ඝාතනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඝාතන රැල්ලේ ඉලක්කයක් විදිහට ඉතාම අවාසනාවන්ත විදිහට ජෝන්ගෙ ගැබිණි බිරිද මිය යන්නෙ නූපන් දරුවාද සමගින්. හැබැයි වාසනාවකට වගේ ජෝන්ගෙ ජීවිතේ බේරෙනවා.
ජෝන්ට එල්ල කළ ප්‍රහාරය රුසියානුවන් විසින් සිද්ධ කළ බවට පස්සෙ CIA ආයතනය විසින් සොයා ගත්තත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්න ඔවුන් තීරණය කරනවා. ඒ නිසාම ජෝන්ට සිද්ධ වෙනවා ඒ සම්බන්ධව තමන් විසින්ම සොයා බලන්න. ඒ අනුව තොරතුරු හොයාගෙන යන ජෝන්ට යම් පුද්ගලයෙක්ගෙ නමක් දැනගන්න ලැබෙනවා. ඉතින් ඊට පස්සෙ ජෝන් ඒ පුද්ගලයා සොයා යන්නෙ කෙසේද? සැබවින්ම මේ පුද්ගලයා කවුද? මේ ඝාතන රැල්ලට හේතුව මොකක්ද? සැබවින්ම මෙහි මහා මොලකරු කවරෙක්ද යන්න ඔයාලා බලලම දැනගන්න එහෙනම්.
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles | බලවතුන්ගේ කුමන්ත්‍රණ [සිංහල උපසිරසි]