කතාව ගැන කියනවා නම් බෙන්ට්ලි කියන්නෙ කව්බෝයි පවුලකට අයිති තරුණයෙක්. එයා ජීවත් වෙන්නෙ නගරේ. එයාගෙ පවුලෙ අය බෙටී, බම්පි දෙන්නා ජීවත් වෙන්නෙ ගමක තියෙන එයාලගෙ ගොවිපලේ. බෙන්ට්ලි එක්ක තමයි ටොම් ඉන්නේ. බෙන්ට්ලිගෙ සහෝදරී බෙටී එක්ක ගොවිපළේ තමයි ජෙරී ජීවත් වෙන්නේ. හැබැයි ජෙරී දැන් මාමා කෙනෙක්. ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. ඉතින් බෙන්ට්ලි එනවා ටොම් එක්ක ආපහු ගොවිපළට. එයාගේ පවුලෙ අයත් එක්ක කාලෙ ගත කරන්න වගේම ගොවිපළ ආපහු ප්රතිසංස්කරණය කරලා විකිණීමේ අරමුණ ඇතුව. ඉතින් තවත් කියවන්න ගියොත් කතාවෙ බලන්න දෙයක් නැති වෙනවා. එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්න.
