කාලෙකට පස්සෙ මාරු වීමක් අරන් අලුත් පොලිසියකට යන අතීරට දැනගන්න ලැබෙන්නෙ සූර්යා අතුරුදහන් වෙලා කියලා. ඉතින් අතීරා මේ පරීක්ශනය බොහොම මහන්සි වෙලා කරගෙන යනවා. දවසක් සූර්යගෙ මිනිය හම්බ වෙනවා. සූර්යගෙ කාර් එක ඇක්සිඩන්ට් වෙලා ගිනි අරන් තමයි සූර්යා මැරිල තියෙන්නෙ. ඒ ගැන සැක හිතන අතීරා වෙනස්ම විදිහකට පරීක්ශන කටයුතු කරනවා. ඒ අතරෙ තවත් මිනීමැරුමක් ගැන අහු වෙනවා. ඒ කතාව තමයි චිත්රපටිය පුරාවටම තියෙන්නෙ. ඒත් අන්තිමේදි නිකමටවත් වැරදිලාවත් අපි හිතන දේ නෙවෙයි මෙ චිත්රපටියෙ අන්තිමට වෙන්නෙ. මුලින් ආදර කතාවකින් පටන් ගත්තත් මැදක් යද්දි සම්පූර්නයෙන්ම වෙනස් වෙලා වෙනස්ම පැත්තකට කතාව ගලා යනවා.