ඉංග්‍රීසි චිත්‍රපටි

The Year Earth Changed (2021) Sinhala Subtitles | මිහිතලය වෙනස් වූ 2020 වසර [සිංහල උපසිරසි]

පුතේ මං ආයෙ ආවා… 😀 කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් අවුරුද්දකට විතර කලින් පටන්ගත්ත උපසිරසක වැඩ හමාර කරලා ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන්නයි මේ සූදානම. ඒ අනුව මම වැඩිම කාලයක් තුළ උපසිරසගන්වපු දෙබස් අඩුම ප්‍රමාණයක් සහිත චිත්‍රපටය විදිහට මගේ බයිස්කෝප් කතා පොතේ වාර්තාගත වෙන්නෙ මේක. මේක වාර්තාමය චිත්‍රපටයක්. දැන් කියන්නම් මොනවා ගැන හැදුණු පුවතක්ද මේකේ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා.

COVID19 වසංගතය සමග 2020 වසර මුළු ලෝකයටම ලොක්ඩවුන් කාල සමයක් බවට පත් වෙනවා. මානව ජන ජීවිතය සෑහෙන අඩපණ වෙනවා මේ සමගින්. මේත් එක්කම මිනිස් ක්‍රියාකාරකම් ගොඩක් දුරට ඇණ හිටිනවා. ඔව් මිනිස්සු අපිට මේ කාලය ටිකක් අමාරු වෙන්න ඇති. හැබැයි පරිසරයට මේක බොහොම හිතකාමී විදිහට තමයි බලපෑවෙ කියලා ඔයාලා ඒ කාලය ගැන ටිකක් අධ්‍යයණය කළානම් හොඳින්ම දැනගන්න පුලුවන්කම තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නැති වෙනව කියන්නෙ පරිසරයට හුස්මක් කටක් ගන්න හැකියාව ලැබෙනවා කියන එක තමයි. ඉතින් මේ ලොක්ඩවුන් කාල සමයේ පරිසරයට සිද්ධ වුණ දේ නිරීක්ෂණය කරලා නිර්මාණය කරපු ලස්සන වාර්තා වැඩසටහනක් තමයි Apple TV+ ඔස්සේ අප්‍රියෙල් 16වෙනිදා The Year Earth Changed නමින් නිකුත් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.