ඇල්මා කියල කියන්නෙ සංගීතියට බොහොම ලැදි දැරිවියක්. වයස ඕනනම් 17 විතර ඇති වැඩිම උනොත්. ඉතින් එයාගෙ සීයා හදිසියේම මේ ලෝකෙන් සමුගන්නව. ඒ අතරෙ අපේ මේ ඇල්ම විශාල සංගීත වැඩසටහනක් සදහා සූදානම් වෙනවා. ඉතිං එයා ඒ වැඩසටනට යන අතරමඟති එයාගෙ නැවතුපොළ වෙන්නෙ එයාගෙ සීයගෙ පරණ ගෙදර.ඉතින් එයාට එහෙදි අහම්බෙන් වගේ හම්බ වෙනවා අමුතු යාලුවෝ දෙන්නෙක්.ඒ තමා වෘක පැටියෙකුයි සිංහ පැටියෙකුයි. ඒත් අපේ ඇල්මා එයාලව බොහොම ආදරෙන් රැකබලා ගන්නවා. ඉතින් අර යාලුවො දෙන්නත් ඒ හා සමානව අපේ ඇල්මට ආදරේ කරනවා. ඒත් එකපාරටම ඒ යාලුවෝ දෙන්න ඇල්මගෙ ජීවිතෙන් ඈ වෙන්නෙ බොහොම අවාසනාවන්ත විදියට. ඉන් පස්සෙ අපේ ඇල්මා එයාලව හොයාගෙන යන ආදරය සෙනෙහස කැටිකරගත්ත චිත්රපටයක් තමා the lion and the wolf කියන්නෙ.
