ඇත්තටම කිව්වොත් මේ The wich චිත්රපටය තිරගත කිරීම් ඇරඹෙන්නෙ 2015 වර්ශයේ. ඉතිං පිටවුනු ගමන් ම චිත්රපටය හිට් වුනේ නැති වුනත් පසුකාලීනව මෙය, imdb රේටින්ග්ස් 6.9ක් සහ rotten tomatoes දර්ශකයේ 90% පමණ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, මේක දිවයන්නෙ වතුයායකින් වනයකට පිටිවහල් කරපු කුඩා පවුලක් වටා. සම්පූර්ණ දර්ශණ ඒ වනය හා ඒ අවට ඔවුන්ගෙ ගොවිපල පුරාවට තමා දිවයන්නෙ. ඉතිං ඒ වනයෙන් ලත් අදුරු මායවක් පිළිබදව තමා කතාවෙ දිවයන්නෙ. මේකෙ ඇත්තටම “හොල්මන් ” වගේ භයානක දර්ශණ නැති වුනත්, ඒකෙ තියෙන කුතුහලය සහ අභිරහස් සහගත ස්වාභාවය නිසා අපේ හිතේ හටගන්නෙ පුදුමාකාර භීතියක්. මේ චිත්රපටය හොරර් චිත්රපට ලෝලීන් අතර මෙතරම් ජනප්රිය වෙන්න එයම හේතුවක් වෙලා තියෙනවා.