සහෝදර බැඳීම කියන දේට සම කරන්න මේ ලෝකෙ කිසිම බැඳීමක් නෑ නේද. ඒ බැඳීම ගැන ලස්සනට හිතට වදින ෆිල්ම් එකක් තමා මේ ෆිලුම. රූත් (Sandra bullock) පොලිස් නිලධාරියෙක් මිනීමැරීමේ චෝදනාවකට අවුරුදු 20කට හිරේ ගිහින් නිදහස් වෙනවා. රූත්ට ඉන්නව නංගි කෙනෙක්. රූත් හිරේ යද්දි එයාගෙ නංගිගෙ වයස අවුරුදු 5යි. ඉතින් රූත් එලියට ඇවිල්ල නංගිව හැමතැනම හොයනව. ඒ අස්සෙ රූත් එළියට එනකම් බලන් හිටිය කෙනෙක් එයා පස්සෙන් යන්න පටන් ගන්නව. ඉතින් මෙතනින් එහා වචනයක් වත් කිව්වොත් ඇත්තටම කතාව වැඩක් නැති වෙනව. රූත් පොලිස් නිලධාරියාව මැරුවෙ ඇයි? එයාට නංගිව හොයාගන්න පුළුවන් වෙයිද? රූත් පස්සෙන් එන කෙනා කවුද? මේ හැමදේම ෆිල්ම් එක බලලම දැනගමු නේද. වැරදි අඩු පාඩු තිබ්බොත් සමාව දෙන්න හොඳේ. ෆිලුම සබ් කරන්න අවසර දුන්න තිසර සහෝට ස්තූති කරන ගමන් දැනට සමුගන්නවා.
