ඉංග්‍රීසි චිත්‍රපටි

The Trial of the Chicago 7 (2020) Sinhala Subtitles | ඇමෙරිකානු රජය අපකීර්තිමත් කළ නඩු විභාගය [සිංහල උපසිරසි] (18+) 100*

අමෙරිකානු රජය අපකීර්තිමත් කළ නඩු විභාගයක් ලෙස ඉතිහාස ගත වන මෙම සිද්ධිය අවසානයේ විත්තිකරුවන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුට පමණක් කැරලි ඇති කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණ විණි. කෙසේ නමුත් පසුව පැවති නඩු විභාගයන් හිදී එම දඬුවම්ද අවලංගු වුණු අතර බොහෝ චෝදනාකරුවන්ටත් ඔවුන්ගේ නීතීඥයන්ටත් නඩු විභාගය අතරතුරේදී උසාවියට අපහාස වන අන්දමින් ක්‍රියා කිරීම යන චෝදනාව යටතේ දිගු සහ කෙටි කාලීන දඬුවම් පමණක් පැමිණවිණි.

නෙට්ෆ්ලික්ස් විසින් බෙදාහරිනු ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 35 ක පිරිවැයක් යොදා නිමැවුණු මෙම චිත්‍රපටය විනාඩි 130ක ධාවන කාලයකින් යුක්තය. කොවිඩ් 19 වසංගතය නිසා වාණිජමය වශයෙන් ඉතා දුර්වල ආදායමකට හිමිකම් කියන බව සඳහන් වුවත් මේ වන විට මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 115 ක පමණ බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ඇත. ඒ කෙසේ නමුත් විචාරක ප්‍රතිචාර අතින් ඉහළින්ම වැජඹෙන චිත්‍රපටයක් වන මෙය IMDb 7.8 ක් සහ Rotten Tomatoes 89% ක අගයක් ලබාගෙන ඇත. රොට්න් ටෝමැටෝස් හි පොදු විචාරය පවසන ආකාරයට මෙහි චරිත මැවූ රංගන ශිල්පීන් මෙම ඉතිහාසගත කතාව ජීවමාන කරන ලද අතර අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයක් විදහා දැක්වීමටද හොඳ තෝතැන්නක් වී ඇත.

Leave a Reply

Your email address will not be published.