ඉංග්‍රීසි චිත්‍රපටි

The Tomorrow War (2021) Sinhala Subtitles | Upasiresi.com

චිත්‍රපටය ගැන කතා කලොත් වර්තමානය හෙවත් 2022 පාපන්දු ලෝක කුසලානය පවත්වන්නේ පළමු වරට මැදපෙරදිග රටක් වන කටාර් රාජ්‍යය තුලයි. දැනටමත් ඒ වෙනුවෙන් කටාර් රාජ්‍යය සූදානම් වෙනකොට මේ චිත්‍රපටය ආරම්භයක් ගන්නේ ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයයි. මෙම තරංග දැඩි රශ්මිය නිසා ශීත කාලය තුලයි පවත්වන්නේ. ඉතින්  මේ තරඟය දිහා ලොව වටා පාපන්දු නරඹන්නන් බලාගෙන ඉන්නවා. ඒ බලන පිරිසෙන් කෙනෙක් තමයි ඩැනියෙල් ෆොරෙස්ටර් කියන්නේ. ඩැනියෙල් එයාගේ දුව මියුරි එක්ක මේ තරඟය බලන අතරේ සජීවීව කටාර් වල මෙම පාපන්දු පිටිය තුල එකවර අමුතු දෙයක් සිදු වෙනවා. අයුධ සන්නද්ධ පිරිසක් එක් වරම පිටිය මැදින් මතුවෙන්නේ හැමෝම පුදුම කරමින්. මේ එන පිරිස හැමෝටම පුදුමයක් ඇති කරන අතර ඔවුන් එන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඒ පිරිස එන්නේ මීට වසර 30ක් එහා අනාගතයෙන්. මේ එන පිරිස අනාගතය හරහා අතීතයට එන්නේ ඇයි? මොනවද එයාල අපෙන් ඉල්ලන උදව්ව?

Leave a Reply

Your email address will not be published.