ඇනිමේෂන් චිත්‍රපටි

The Summit of the Gods (2021) AKA Le sommet des dieux Sinhala Subtitles | දෙවියන්ගෙ නිජබිම… [සිංහල උපසිරසි]

ෆුකමාචි මොකෝටෝ කියන්නෙ වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙක්. ඔහු මැගසීන් වලට ජයාරූප අරගන්නවා. ඉතිං මෙයා තමන්ගෙ වෘත්තියෙ නියැලී ඉන්න දවසක දකින්න ලැබෙනවා ”හාබුව”. දැන් බලනවා ඇති හාබු කියන්නෙ කවුද කියලා. හාබු කියන්නෙ කඳු නගින්නෙක්. ඔහු මීට පෙර හුඟක් ප්‍රසිද්ධව හිටපු කෙනෙක්. නමුත් කාලෙකට පෙර අතුරුදහන් වෙනවා. ඒ ඇයි කියන්න කවුරුත්ම දැනන් හිටියෙ නැහැ. ඒත් ඇයි මේ අතුරුදහන් වුණු කෙනෙක් ආයෙ ඇවිත් ඉන්නෙ කියලා ෆුකමාචිට කල්පනා වෙන්න ගන්නවා. අනික ඔහු එන්නෙත් පුද්ගලයෙක් ළඟ තියෙන කැමරාවක් අරගන්න. ඒ කැමරාව මීට පෙර එවරස්ට් කන්ද තරණය කරපු කෙනෙක්ගෙ. ඔහු තරණය කළාද නැද්ද යන්න තොරතුරු එකේ තියෙනවා. මොකද ඔහු කඳු තරණය කරද්දී ජීවිතක්ෂයට පත්වෙනවා. ඉතිං ෆුකමාචි මේ කැමරාව පස්සෙ වගේම හාබු පස්සෙ හඹා යනවා. ඇයි ඔහු අතුරුදහන් වුණේ කියලා දැනගන්න වගේම කැමරාවෙ තියෙන තොරතුරු ටික ලබාගන්න. හැබැයි මේ චාරිකාවේදී ෆුකමාචි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. තමන්ගෙ ජීවිතයෙ ඇති යථාර්තය ගැන. ඒ ටික දැනගන්න එක ඔයාලට බාරයි. ඒවගේම පොරොන්දු වෙනවා බැලුවට පසුතැවිලි වෙන එකක් නැහැ කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *