සංජේ විශේෂ අපරාධ ඒකකයෙ උප පොලිස් පරීක්ෂක වරයෙක්. ඔහුගේ පහරදීමක් නිසා අත්අඩංගුවේ හිටි කෙනෙක් මියයාම හින්දා වැඩ තහනමකට ලක්වෙනවා. ඒ අතරෙ සිදුවෙන හිඟන්නන්ගේ ඝාතන ගණන 5 ක් දක්වා ඉහළ යනවා. සංජේ තමන්ගේ ප්රධානියා ගෙන් මේ ගැන නිල නොවන විදියට පරීක්ෂණ කරන්න ඉල්ලනවා. ඒ ඒක සාර්ථකව විසඳුවොත් ඒ මගින් නැවත රැකියාව ලබාගන්න. අවසරය ලැබෙනවා. හැබැයි පොලීසියෙන් කිසිම උදව්වක් නැතුව තමයි පරීක්ෂණය කරන්න වෙන්නේ.
ඉතින් සංජේට මේක විසඳලා රැකියාව ගන්න පුළුවන් වෙයිද? විසඳුවා නම් මේක කොහොමද නොවිසඳුණු එකක් වෙන්නෙ? හා හා ඒ නොවිසඳුණු එකක් වෙන්නෙ ඇත්ත ලෝකෙ නේ. ඇත්ත එක්ක ප්රබන්ධය මුසු කරපු සිනමා ලෝකය ඇතුලේ සංජේ මේක විසඳුවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ෆිල්ම් එක අන්තිම වෙනකන් බැලුවොත් දැනගන්න පුළුවන්. Thriller කියන එකට කැමති නම්, අනිවාර්යෙන්ම මේක බැලුව කියල කිසිම පාඩුවක් වෙන්නේ නෑ.