අවාසනාවන්ත ලෙස තමන්ගේ පළමු දරුවා උපතේදීම මිය යන නිසා “ජේ”, පාශ්චාත් කම්පන තත්වයකින් පීඩා විඳීනවා. මේ සිද්ධ උන දේවල් අමතක කරවන්න හිතාගෙන ඇයගේ සැමියා වෙන “කයිල්” විසින් වියට්නාමයේ සංචාරයක් ලෑස්ති කරනවා. වියට්නාමයේ මෙයාලා දෙන්නා නවාතැන් ගන්න හෝටලයේ කාමර තියෙන්නේ හරිම අපූරූ ක්රමයකට තමයි. ඒ කාමර මුහුදේ වතුර මත දැවයෙන් නිම කල විලා එහෙමත් නැත්තම් කුඩා ගෙයක් විදියට තමයි තියෙන්නේ. මෙයාලා මෙහෙම සතුටින් කාලය ගෙවද්දි එක් රැයක දරුණු කුණාටුවක් එනවා. වැඩි විස්තර ඕන නෑනේ මේ නිසා ඇතිවෙන සිදුවීම් වලින් මේ දෙන්නගේ ජීවිතය වෙනස් වෙන හැටි ඔයාලටත් නරඹන්න කියලා ආරාධනා කරනවා.
