ඉංග්‍රීසි චිත්‍රපටි

The Power Of The Dog (2021) Sinhala Subtitles | බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙ නැහැ… [සිංහල උපසිරසි]

”මගේ තාත්තා නැති වුණාට පස්සෙ,
මට මගේ අම්මගෙ සතුටට වඩා
දෙයක් ඕන කරේ නැහැ.
මං මගේ අම්මට උදව් කරේ නැත්තම්
මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ?
මං එයාව බේරගත්තෙ නැත්තම්?”

ෆිල් කියන්නෙ ගොඩක් දරදඬු කෙනෙක්. තවත් සරලවම කියනවා නම්, “ඌ තරම් මිනිහෙක් නැහැ, හැමෝම මට බයෙ ජීවත් වෙන්න ඕන” වගේ හිතං ඉන්න කෙනෙක්. ඉතිං ඕන මිනිහෙක්ට තමන්ගෙම කියලා රහසක් තියනවා. හැබැයි ඒ දේවල් අපි කවදාවත් හෙළි කරන්නෙ නැහැ. අන්න ඒ වගේ ෆිල්ටත් රහසක් තියෙනවා. මං ඒක කියන්නෙ නැහැ මොකක්ද කියලා. කතාව බලද්දී තේරෙයි. කොහොමහරි ෆිල් ඉන්නෙ තමන්ගෙ මල්ලි එක්ක. මේ දෙන්නා ගොවිපළක් පාලනය කරනවා. ඉතිං දවසක් ජෝජ් ට මුණගැහෙනවා කෙනෙක්. ඇය නමින් රෝස්. රෝස් කියන්නෙ වැන්දඹුවක්. ඇයගෙ සැමියා බීමත්කම නිසා මෙලොව හැර යනවා. බෙල්ලේ වැල දාගෙන. ඒවගේම තමයි රෝස්ට ඉන්නවා පුතෙක්. ඔහු ටිකක් විතර අමුතුයි. හැසිරීමෙන්. අන්න ඒ නිසාමයි ෆිල් ඇතුළු සමහරක් අය ඔහුට විහිලුවකට ගන්නෙ. නමුත් කවදාවත් පෙණුමෙන් කෙනෙක් මනින්න එපා. කොහොමහරි ටිකෙන් ටික ජෝජ් රෝස්ට ලං වෙනවා. නමුත් ෆිල් මේකට කැමති නැහැ. ජෝජ් ඇයව කසාඳ බඳින්න පවා උත්සහ කරනවා. ඉතිං මේ වගේ දෙයකදී ෆිල් මොනා කරයිද? ඔහු මීට පෙර නොකරපු දෙයක් කරයිද මේක නවත්තන්න? නැත්තම් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කරයිද? එහෙනම් ඔයාලම බලල දැනගන්නකො. ඒවගේම කියන්න ඕන මං අර උඩම කියපු එක හුඟක් වැදගත් වෙනවා අන්තිමේදී. හොඳ අවධානයකින් බැලුවොත් අන්තිමට සිදු වෙන දේ තේරෙයි.

Leave a Reply

Your email address will not be published.