නෝන්ස් කියන වචනය The Northman සිනමාපටය පුරාවටම දැකගන්න ලැබෙනවා ඉතින් මේ නෝරන් කියන්නේ නෝර්ස් සහ ජර්මානු මිත්‍යාවන්ට අනුව ඉරණම, දෛවයේ දේවතාවියන් වෙනවා. ජර්මානු මිථ්‍යා සම්ප්‍රදායට අනුව, ඔවුන් සහෝදර දේවතාවියන් තිදෙනෙකු ලෙස හඳුනාගෙන තියෙනවා. ක්ලෝතෝ (“පවත්වාගෙන යන්නා”), ලැචෙසිස් (“තීරණය කරන්නා”) සහ ඇට්‍රොපොස් (“අවසන් කරන්නා”). එනම් මේ තිදෙනා තමා ජීවත් වෙන සෑම මිනිසෙකුගේම ජීවතයේ පැවැත්ම පවත්වාගෙන යෑම., කොයි කාලේද මරණය සිදු වෙන්නේ සහ ජීවිතයේ අවසානය තීරණය කරන්නේ.
මේ කරුණු කාරණා The Northman එකේ මම දැකපු වැදගත් කරුණු කාරණා කිහිපයක් විතරයි, නමුත් සිනමාපටය පුරාවටම විනාඩියක් ගානේ මේ වගේ තව බොහෝ නෝර්ස් මිත්‍යාව සහ වයිකිංවරු හා බැඳුනු කරුණු කාරණා රාශියක් තියෙනවා. ඉතින් නරඹන ඔයාලා හැමෝම විමසිල්ලෙන් බලන්න තව මොනවද තියෙන්නේ කියලා, එහෙම නොතේරෙන තැනක් එහෙම හමුවුනොත් කමෙන්ට් එකක් දාලා අහන්න අපි පිලිතුරු ලබා දෙන්න සූදානම් ඒ ප්‍රශ්න වලට.