චිත්රපටය ආරම්භ වෙන්නෙ ඕවන් කියන කෙනාගෙ දිවි නසාගැනීමත් සමඟ. මොහුගෙ බිරිඳ තමයි බෙත්. මේ ජෝඩුව මේ සිදුවීම වෙන්න කලින් හරිම සතුටින් තමයි ජීවත් වෙන්නෙ. කාටවත් හිතාගන්න බැරි වෙනවා ඇයි ඔහු මේ වගේ දෙයක් කරේ කියලා. කොහොමහරි බෙත් ආපහු පරණ ජීවිතයටම යනවා. හැබැයි ඇය තවමත් ඉන්නෙ ඕවන් එහෙම නැත්තම් ඇයගෙ සැමියා මැරුණු නිවස තුළයි. ඇයට ඔහුව කොයිවෙලෙත් මතක් වෙනවා. හැබැයි දවසක් මෙයාට ඇමතුමක් එනවා ඕවන්ගෙන්. ඔව්, ඒ මැරුණු කෙනාගෙන් තමයි. ඇයටත් විශ්වාස කරන්න බැරිවෙනවා. හැබැයි මේ ගොඩක් කොඳුරනවා වගේ දෙයක්. ඒවගේම තමයි ඇයට මේ ගෙදර ඉද්දි ඕවන් ළඟ ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් මේ ගැන යහළුවොන්ට කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. එයාලා කියන්නෙ අවුරුදු ගාණක් ඒ ගෙදර ඉඳලා ඉන්න නිසා එහෙම හැඟීමක් ඇතිවෙනවා කියලා. ඔන්න දවසක් බෙත් ඕවන්ගෙ බඩුමුට්ටු එහෙම අවුස්සනවා. එවෙලේ මෙයා ඔහුගෙ ෆෝන් එක වගේම ගෙදර හදපු සැළැස්ම හොයාගන්නවා. හැබැයි මේ සැළැස්ම නම් ටිකක් අමුතුයි. ඇයට හිතාගන්න බැහැ ඒ මොකක්ද කියලා. ඒවගේම තමයි ඇය හොයාගන්නවා ෆෝන් එකේ තිබිලා වෙන ගැහැණු අයගෙ පොටෝ වගයක්. ඒවගේම තමයි ඔහුට වැව එහා පැත්තට වෙන්න තවත් නිවසකුත් තියෙන බව. ඒත් ඇයි ඒ? කොහොමද ඔහු මෙච්චර කාලයක් බොරුවක් කරේ? ඒ ගැහැණු අය කවුද? මේ ගෙදර අමුතු සැළැස්ම මොකක්ද? මේ ගෙදර තියෙන අවුලක්ද? කියන ප්රශ්ණ තමයි බෙත්ගෙ හිතේ ඇතිවෙන්න ගන්නෙ. එහෙනම් අවසානය වෙනකම් බලන්නකෝ. හිතන්නෙ නැති දෙයක් තමයි සිද්ධ වෙන්නෙ.