කතාව ගැන කියනවනම් මේක බන්ධනාගාරයක සිදුවෙන සොරකමක් වටා තමයි දිවෙන්නෙ.පේස් කියන්නෙ දක්ෂ හොරෙක්.හැබැයි මෙයා හොරකම් කරන්නෙ යමක් කමක් තියෙන හොරකම් කලාට ඒක ඇඟට දැනෙන්නෙ නැති අයගෙන්.දවසක් පේස්ව විදේශ රටක තියෙන බන්ධනාගාරයකට පිටුවහල් කරන්න ෂල්ට්ස් කියලා කෙනෙක් එනවා.ඒත් ඒ එනකොට පේස් පැනලා ගිහින්.මේ දෙන්නගෙ පරණ ආරවුලකුත් තියෙනවා.හිරෙන් පැනලා පේස් යන්නෙ මැද පෙරදිග කුමාරයෙක්ගෙ වටිනා ඔරලෝසු එකතුවක් හොරකම් කරන්න.ඒත් මෙතනදි වැඩේ ටිකක් ගැස්සෙනවා.කුමාරයෙක් කිව්වට ඔහු මිනිස්සුන්ව රවට්ටන කෙනෙක්.මෙයා එක්තරා කණ්ඩායමක සාමාජිකයෙක්.මේ කණ්ඩායමේ අයත් හොරු.හැබැයි මෙයාලා තියෙන අයගෙන් හොරකම් කරලා නැති බැරි අයට බෙදලා දෙන ජාතියේ හොරු ටිකක්.
මේ අය පේස්ට යෝජනාවක් කරනවා ත්රස්තවාදී සංවිධානයකට අයිති රත්තරන් ටිකක් හොරකම් කරන්න.මේ රත්තරන් තියෙන්නෙ ෂල්ට්ස්ට අයිති බන්ධනාගාරයක තියෙන සුරක්ෂිතාගාරයකයි.පේස් පින් අතේ වැඩ කරන්නෙ නෑ කියලා එතනින් යනවා.ඒත් පේස්ගේ දුවගෙ ඉල්ලීමක් නිසා වැඩේට කැමති වෙනවා.මීට වඩා කියන්න යන්නෙ නෑ.මෙයාල මේ රත්තරන් හොරකම් කරන්නෙ කොහොමද කියලා දැනගන්න නම් මේක බලන්න වෙනවා.