ඉංග්‍රීසි චිත්‍රපටි

The Lost City (2022) Sinhala Subtitles | අග්නි කිරුළ සොයා බිහිසුණු වික්‍රමයක

ආදර නවකතා කතුවරියක් වෙන ලොරේටා සේජ්, “ඩෑශ්” සහ “ලව්මෝර්” යන ප්‍රබන්ධිත චරිත දෙක ඇසුරින් නවකතා මාලාවක් රචනා කරලා අති ප්‍රසිද්ධියට පත් උන ලේඛිකාවක්. එයාගේ පොත්වල කවරයට ඩෑශ් චරිතය වෙනුවෙන් ඇලන් මික්මෑන් කියන නිරූපන ශිල්පියගේ රූපය යොදාගන්නවා. ඒ නිසා මේ ඩෑශ් කියන චරිතෙට ලොකු ප්‍රසිධියක් ලැබෙනවා වගේම මේ ගැන ලොරේටාට පුංචි ඊර්ෂ්‍යාවකුත් තියෙනවා. මේ කතා මාලාවේ සඳහන් වෙන්නේ නැති වූ නගරයක ඉපැරණි ශිෂ්ඨාචාරයක නටබුන් අතර තිබෙන පුරාවෘත්තගත “අග්නි කිරුළ” සොයාගෙන යන ඩෑශ් සහ ලව්මෝර්ගේ වික්‍රමයන් තමයි. මේ අස්සේ ඇබිගේල් ෆෙයාෆැක්ස් කියන බිලියනපතියා ලොරේටාගේ පොත්වල සඳහන් වෙන නැති වූ නගරය අත්ලාන්තික් සාගරයේ දූපතක තිබිලා හොයාගන්නවා. ඉතිං මේ කතාමාලාවේ නවතම කෘතිය එළිදක්වන දවසේ ලොරේටව මේ ෆෙයාෆැක්ස් හාදයා පැහැරගෙන මේ දූපතට අරන් ගිහින් අග්නි කිරුළ හොයන්න උදව් වෙන්න කියලා බලකරනවා. මේ ගැන දැනගන්න ඩෑශ් එහෙමත් නැත්තම් ඇලන් තවත් යාළුවෙක් එක්ක ලොරේටව බේරගන්න උත්සහ කරනවා. පොත්වල වීරයෙක් උනාට ඇලන් සැබෑ ජිවීතයෙදි මොන්ටිසොරි ළමයෙක්ටත් අන්තයි. ඒ නිසා මෙයාලට ලොකු අකරතැබ්බවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතිං මෙයාලට ලොරේටව බේරගන්න පුළුවන් වෙයිද ? ඇලන්ගේ යාළුවා කවුද ?

Leave a Reply

Your email address will not be published.