මිතුරන් කණ්ඩායම් දෙකක් ඉතාමත් අනතුරුදායක ගල් පර්වතයක් නැගීමට සැරසෙනවා. මෙහිදී කෙලී ඇයගේ හොඳම මිතුරිය අනෙක් කණ්ඩායම අතින් ඝාතනය වනවා දකින අතර ඇය එය කැමරාවට හසුකරගන්නවා. කෙලී, ඇයවත් ඇය සතු මේ සාක්ෂියත් විනාශ කිරීමට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන අනෙක් කණ්ඩායමේ මීළඟ ඉලක්කය බවට පත්වෙනවා. ඒකෙන් බේරෙන්න කෙලී තෝරගන්නේ මහා ගල් කුලයි.
චිත්රපටයේ කෙලී ලෙස Brittany Ashworth රංගනයෙන් එක්වන අතර Ben Lamb, Louis Boyer, Nathan Welsh, Anaïs Parello සහ David Wayman සෙසු රංගනයෙන් එක්වේ. චිත්රපටයේ තිරරචනය Tom Boyle විසින් වන අතර අධ්යක්ෂණය Howard J. Ford විසිනි. චිත්රපටය සඳහා මේ වන විට IMDb 5.1 ක අගයක් ලැබී ඇත.