චිත්රපටිය ආරම්භ වන්නේම භයානක රිය අනතුරක දර්ශණයකින්. එයට මුහුණ දෙන ටෙසා අවදිවන්නේ රෝහලකදී. අනතුරින් ඇයගේ පෙම්වතා මියගිහින්. ටෙසාට ඉදිරියේදී දැනෙනවා, ඇයගේ පෙම්වතා, ස්කයිලර්, ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරන බවක්. මේ නිසා ඇය විවිධ මාර්ග වලින් උත්සාහ කරනවා, ස්කයිලර් සමඟ නැවත සම්බන්ධ වී, අවසාන වතාවටත් සමුදෙන්න. ටෙසාගේ මේ උත්සාහය සාර්ථක වෙයිද?
