මේ ප්‍රංශ චිත්‍රපටය 2010දී තිරගත කෙරුණු අතර නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ Jacques Tardi නම් ප්‍රංශ ජාතික කතුවරයා විසින් රචිත The Extraordinary Adventures of Adèle Blanc-Sec කියන පොත් මාලාවයි. ‘Adèle Blanc-Sec ගේ අරුම පුදුම වීර වික්‍රම’ යන්නයි මෙහි තේරුම. චිත්‍රපට අධ්‍යක්ෂණය Luc Besson ගෙන්. මේ චිත්‍රපටය තරමක් වෙනස් විදිහේ එකක්. Action/adventure, sci-fic, comedy යන වර්ගීකරණයන්ට දාන්න පුළුවන්.. සැහැල්ලු උපහාසයන් තුලින් මතුකරන හාස්‍යය සහ චිත්‍රපටය පුරාවටම තියෙන කුතුහලය මෙහි විශේෂයි. මෙහි කතාවේ කාලය 1920 ගණන්වල වගේ. ඒ කියන්නෙ විසිවෙනි සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ පැරිසිය ආශිතව සිදුවෙන කතාවක්.
