ඉතින් චිත්රපටිය දිහා බැලුවොත් එහෙම මේකේ පෙන්නන්නේ අවුරුදු 10කට පස්සේ ඇප්රිකට් ලේන් ගොවිපළේ (ඒකේ තමයි මේ චිත්රපටය පාදක වෙලා තියෙන්නේ) තත්ත්වය මොකක්ද කියන එකයි. ඇප්රිකට් ලේන් ගොවිපළ කියන්නේ අද වෙන විට ලෝකයේ තියෙන ජෛව විවිධත්වයෙන් වැඩිම ගොවිපළවල්වලින් එකක්. මේ ගොවිපළ පිටිපස්සේ බොහොම ලස්සන කතාවක් තියෙනවා. ජෝන් සහ මොලී චෙස්ටර් කියන්නේ මුලින්ම ලොස් ඇන්ජලීස්වල හිටපු පවුලක්. මෙයාලා LAවල නාගරික ජීවිතය අතෑරලා නිසරු ගොවිපළකට යනවා. ඊටපස්සේ එයාලා ස්වභාවධර්මය එක්ක බොහොම සමගියෙන් වැඩ කරමින් ඒක පත් කරනවා කැලිෆෝනියාවේ ජෛව විවිධත්වය වැඩිම ගොවිපළ බවට.
