මහ මොළකාරයෙක් වටේ තමයි කතාව ගෙතෙන්නේ. කොටස් වෙළඳපොළ සම්බන්දව තමයි සිද්ධි දාමය ගොඩ නෙගෙන්නේ.කවදාවත් හිතලා තියනවද කොටස් වලට ආයෝජනය කරලා කෝටිපතියෙක් වෙන්න.හේමනත් ශා නැත්නම අපේ කතා නායකයා හීන දකින කෙනෙක්.ලොකුවට හිතන්න ලොකුවට හීන දකින්න කියලා කතාවක් තියෙන්නේ ආන් ඒ වගේ.පුන්චි දේකින් ලොකුවට හිතලා ලොකුවට හීන දැකලා ගොඩක් සල්ලී හම්බකරපු කෙනෙක්.
ෆිල්ම් එකේ විනාඩියෙන් විනාඩිය හරිම කුතුහලය දනවන සිද්ධි තමයි වෙන්නේ.ආදරය පවුල සහෝදරත්වය මේ හැමදේම ගැනම හරිම සන්වේදී විදියට ස්පර්ශ කරනවා.ආදරේ වෙනුවෙන් කොටස් වෙලඳපොලේ බ්‍රෝකර් කෙනෙක් වෙන හේමන්ත්ගේ ආශාව ටික ටික වැඩි වෙනවා. මේ ආසාව නිසාම හේමන්ත් තව තවත් කොටස් වල ආයෝජනය කරනවා.එයාගේ මල්ලි විරේනුත් ළඟින්ම ඉන්නවා.දෙන්නම එකතුවෙලා තමයි වැඩේ කරන්නේ,හැබැයි මහ මොළකාරයා හේමන්ත්.මෙක මොළෙන් කරන සෙල්ලමක්.ඉතින් මේ සෙල්ලම හින්දා හේමන්ත් කෝටිපතියෙක් වෙනවා.හේමන්ත්ගේ මේ ක්ෂණික දියුණුව මිනිස්සුන්ට සැකයි. ඔන්න ඉතින් හේමන්ත්ගේ නරක කාලය උදා වෙනවා.මීරා කියලා පත්තර වාරතාකාරිණියකුත් මෙයාගේ පස්සෙන් පන්නන්න ගන්නවා.
The Big Bull (2021) Sinhala Subtitles | මහ මොළකරු! [සිංහල උපසිරසි]