ඉන්දුනීසියානු ජනප්රවාද වලට අනුව ලෝකයේ සෑම පුද්ගලයෙක්ම ඉපදෙන්නේ විශේශ බලයක් සහිතවයි. ඒ තමයි 3rd Eye එහෙමත් නැත්තම් “තෙවෙනි ඇස” කියන සුවිශේශ හැකියාව. මේ තෙවෙනි ඇස විවෘත වෙන ඕනෑම පුද්ගලයෙකුට මළවුන්ගේ ලෝකය සහ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. මේ තෙවෙනි ඇස විවෘත වීමේ හැකියාව ඇතැමුන්ට උපතේදිම ලැබෙනවා වගේම සමහරුන් මිය යන තෙක්ම මේ හැකියාව ලබා ගන්න අපොහොසත් වෙනවා. තෙවෙනි ඇස විවෘත උන අයට මළවුන් දකින්නත් ඔවුන් හා සන්නිවේදනය කරන්නත් හැකියාව ලැබෙනවා. තම දෙමව්පියන්ගේ හදිසි වියෝවෙන් තනි උන “ආලියා” සහ “අබෙල් ” කියන සහෝදරියන් දෙදෙනා තමන්ගේ පැරණි නිවසට නැවත පදිංචියට එනවා. ඔවුන්ගේ තනියට එයාලා එක්ක ආලියාගේ පෙම්වතා වෙන ඩේවිනුත් මේ නිවසට එනවා. නිවසට ආපු දවසේ ඉඳන් එයාලා ඉන්නේ තනියම නෙමෙයි කියලා මේ අයට තේරෙන්න ගන්නවා. එන්න එන්නම නිවස ඇතුලේ අද්භූත සිදුවීම් වැඩි වෙන නිසා මෙයාලා උදව් හොයාගෙන යනවා.
මෙයාලා උදව් හොයාගෙන කාවද හම්බවෙන්න යන්නේ? තෙවෙනි ඇස මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද? නිවස ඇතුලේ කවුද ඉන්නේ? ආලියා, අබෙල් සහ ඩේවින්ගේ ඉරණම් කොහොම විසඳෙයිද? කියලා ඔයාලා චිත්රපටය නරඹලම දැනගන්නකෝ.