කලින් චිත්‍රපටයේ කතාව මතක් කලොත් තම දෙමව්පියන්ගේ හදිසි වියෝවෙන් තනි උන “ආලියා” සහ “අබෙල් ” කියන සහෝදරියන් දෙදෙනා තමන්ගේ පැරණි නිවසට නැවත පදිංචියට එනවා. ඔවුන්ගේ තනියට එයාලා එක්ක ආලියාගේ පෙම්වතා වෙන ඩේවිනුත් මේ නිවසට එනවා. නිවසට ආපු දවසේ ඉඳන් එයාලා ඉන්නේ තනියම නෙමෙයි කියලා මේ අයට තේරෙන්න ගන්නවා. එන්න එන්නම නිවස ඇතුලේ අද්භූත සිදුවීම් වැඩි වෙන නිසා මෙයාලා වින්ඩු කියන පූජකවරියගේ උදව් හොයාගෙන යනවා. ආලියාට සහ අබෙල්ට කුඩා කාලයේ ඉඳන්ම මේ තෙවෙනි ඇස කියන සුවිශේශ හැකියාව තියෙනවා කියලා වින්ඩු පහදලා දෙනවා. ඒ වගේම මෙයාලගේ ගෙදර මීට කලෙකට කලින් වාසය කරපු පවුලක්ව අමානුෂිකව ඝාතනය කරලා තියෙන බවත් එයට යුක්තිය ඉල්ලා මේ ආත්ම නිවසේ සැරිසරනවා කියලත් මෙයාලා හොයාගන්නවා. මේ ආත්ම කොහොමහරි ආලියාගේ ඇඟට ආවේශ වෙලා මේ ඝාතන වලට වගකියන්න ඕන උද්‍යාන පාලකයාව මරනවා. ඒ වගේම මේ ආත්ම අබෙල්ගේ ආත්මෙත් එයාලගේ ලෝකෙට අරගෙන යනවා. මේ වෙලාවේ තමයි ඩේවිනුත් හදිසි අනතුරකින් මියගිහින් ඒත් ඒ බව නොදැන තාමත් මේ ලෝකේ ඉන්න ආත්මයක් කියලා වින්ඩු එළිකරන්නේ. ආලියා, ඩේවින් එක්ක මළවුන්ගේ ලෝකෙට ගිහින් අබෙල්ව බේරගෙන එනවා වගේම ඩේවින්ට ස්වර්ගයට යන්නත් උදව් කරනවා. පසුව තෙවෙනි ඇසේ හැකියාවෙන් අබෙල් සහ ආලියා මළගිය ආත්ම වලට උදව් කරමින් කාලය ගෙවනවා. අවසානයේ අපි දැක්කේ මීරා කියලා ආත්මයක් උදව් ඉල්ලගෙන අබෙල්ගේ පස්සෙන් එන විදියයි.
මේ කතාව පටන් ගන්නේ මීරා කියන ආත්මයට ආලියා අහ අබෙල් උදව් කරන්න සූදානම් වෙන විදියෙනුයි. මෙයාලා හිතපු තරම් ඒක ලේසි වෙන්නේ නෑ වගේම අබෙල්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. මේ බිහිසුණු අභිරහස මොකක්ද ? අබෙල්ට මොකද වෙන්නේ ? ආලියාට මොකද වෙන්නෙ කියලා ඔයාලා චිත්‍රපටය නරඹලම දැනගන්නකෝ. මේ චිත්‍රපටයේ තවත් කොටසක් The 3rd Eye 3 නමින් නිකුත් කරන බවට අදහසක් තිබුනත් කෝවිඩ් 19 වසංගතය නිසා ඒක කල් යන බවක් තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ලෝබ නැතුව කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඔයාලා හැමෝමගෙන්ම ඉල්ලනවා. ඉක්මනටම Covid-19 උවදුර තුරන් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.