චිත්‍රපටි දමිළ

Thatrom Thookrom (2020) Sinhala Subtitles | තට්ටු කරනවා, උස්සනවා! [සිංහල උපසිරසි සමඟ]

2020 වසරේ නොවැම්බර් 14 දින නිකුතු වූ මෙම ක්‍රියාදාම නාට්‍ය කාණ්ඩයට අයත් චිත්‍රපටය අරුල් එස්. විසින් රචනය මෙන්ම අධ්‍යක්ෂණය කරන ලදි. කාලි වෙන්කට්, තීජයි අරුණාචලම්, සහ චීනු මෝහන් ප්‍රධාන චරිත නිරූපණය කරයි. තවද ජි. මාරිමුතු, ක්‍රේන් මනෝහර්, සම්පත් රාම්ද මෙහි රංගනයෙන් දායක වේ. කාලි වෙන්කට් බොහෝ දුරට දකින්නට පුළුවන් හාස්‍ය මෙන්ම සහය චරිත ඉදිරිපත් කරයි. Soorarai Potru (2020)Maari (2015)Miruthan (2016)Mersal (2017)Theri (2016), Kalakalappu (2012), Munudasupatti (2014), Pannaiyarum Padminiyum (2014), Vaayai Moodi Pesavum (2014), Irumbu Thirai (2018) යන චිත්‍රපට වල දැකගත හැකි වූ වෙන්කට් වඩාත් Munudasupatti (2014) හි වඩාත් ප්‍රහසන රංගනයක් දැකගත හැකිය. තීජේ අරුණාචලම් Asuran (2019) හි සිවසාමිගේ(ධනුෂ්) වැඩිමහල් පුත් මුරුගන් ලෙස හඳුනා ගැනිණ. එසේම අසුරන් චිත්‍රපටයේ “Yen Minukki” ගීතයද ගායානා කිරීය.

2017 වසරේදි මෙහි රූගත කිරීම් ආරම්භ වූ අතර, මෙහි රංගනයෙන් දායක වූ චීනු මෝහන් 2018 වසරේදි මිය ගියේය. Kannum Kannum (2008), Pulivaal (2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජී. මාරිමුතු ද ගම්බදව ආශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපට වල බොහෝ විට දැකිය හැකිය.

Thatrom Thookrom (2020) Sinhala Subtitles | තට්ටු කරනවා, උස්සනවා! [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published.