මේක 1985දී රාජස්ථානයේ සිද්ද වෙච්ච කතාවක්. සුරේඛා(අනිල් කපූර්) කියන්නේ, රාජස්ථානයේ මුනාබෝ කියන ගමේ පොලිස් පරීක්ෂකවරයා. මිනිහා තව මාස කීපයකින් විශ්රාම ගන්න ඉන්නේ. ඒ කවදාවත් උසස්වීමක් ගන්නේ නැතුව පොලිස් පරීක්ෂක කෙනෙක් විදිහටම. මේ ගමේ එහෙම ලොකුවට දේවල් වෙන ගමක් නෙවෙයි. දවසක ගහක එල්ලලා මිනිහෙක් මරලා තියල හම්බවෙනවා. පුදුම දස වදයක් දීලා තමා මරණයට පත් කරලා තියෙන්නේ. සුරේඛාගේ දැක්මට අනුව මේක ඉස්සරහට වෙන්න තියෙන ලොකු සිද්ධියක මූලාරම්භයක් විතරයි. සුරේඛාගේ වචනයෙන් කිව්වොත් එන්න තියෙන ෆිල්ම් එකක පෝස්ටර් එකක් වගේ. ඔය අල්ල පනල්ලේ සිද්ධාර්ත්(හර්ශ්වර්ධන් කපූර්) කියන ඇන්ටික් බඩු බිස්නස් කරන ආගන්තුකයෙක් මේ ගමට එනවා. එන්නේ ලියන්න කියන්න දන්න වැඩට ගන්න පුළුවන් මිනිහෙක්ව හොයාගෙන.
