පල්ලවී ගොඩක් හීන තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි, නමුත් එයා නැටුම් වලට ගොඩක් අස කළා. එයා භාරත නැටුම් ඉගෙන ගන්න හැදුවත් ඒක එයාට ගැලපෙන්නෙ නෑ කියල පංතියේ නැටුම් ගුරුවරිය එයාව එළවගන්නව. ඒ යන ගමන් එයාගෙ කොලේජ් එකේ රැග් එක දීපු පිරිමි ළමයෙක් එයාට නැටුම් ඉගෙන ගන්න එපා කියල බැන වදිනව. මෙයාට පාඩමක් උගන්වන්නත් එක්ක කොහොමහරි මොන නැටුමක් හරි ඉගෙන ගන්න ඕනෙ කියල හිතන පල්ලවීට දවසක් පාටියක් වෙලාවක කෙනෙක් නටනව දැකල එයාගෙන් නැටුම් ඉගෙන ගන්න අහනවා. ඒ තමා කාර්තික්, ඇත්තටම එයා නැටුම් ගුරුවරයෙක් නෙමෙයි. පී.එච්.ඩී. අවසන් අදියරේ හිටපු කෙනෙක්. කාර්තික් නැටුම් උගන්වන අතරේ ගින්දරයි පුළුණුයි ලන් වෙලා ආදර ගින්න ඇවිලෙනවා. ඉතින් ඔය දෙන්නගෙ ආදරේ අතරේ කාර්තික්ට රස්සාවක් වෙනුවෙන් දිල්ලි යන්න වෙනව. නමුත් මේකට පල්ලවී කැමති වෙන්නෙ නෑ, එයා කියන්නෙ හොරෙන්ම කසාද බදිමු කියල. කොහොම වුණත් කාර්තික්ට ඕන වෙන්නෙ හැමෝගෙම ආශිර්වාදය ඇතිව පල්ලවීව කසාද බන්දන්න. කොහොමහරි කාර්තික් දිල්ලියට යනව. ඔය අතරේ පල්ලවීට ගෙදරින් විවාහ යෝජනාවක් එනවා. එහෙනම් ඒ ආදර කතාවට මොකද වෙන්නෙ කියල අපි බලමු.